ගම්මුන්ගෙන් කප්පම් ගත් පිඹුරේ ලකී ඇතුළේ | දිනමිණ

ගම්මුන්ගෙන් කප්පම් ගත් පිඹුරේ ලකී ඇතුළේ

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

අගලවත්ත පිඹුර යන ප්‍රදේශවල කාලයක් තිස්සේ ජනතාව බියගන්වා කප්පම් ගත් පුද්ගලයකු කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පිට මතුගම පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අගලවත්ත පිඹුර ප්‍රදේශයේ මත්කුඩු හා නීති විරෝධී මත්පැන් ජාවාරම මොහු විසින් කාලයක් තිස්සේ කර ගෙන ගොස් ඇති අතර ජනතාවගෙන් කප්පම් ද මොහු විසින් ලබාගෙන තිබේ. මොහු විවිධ අවස්ථාවලදි පොලිසියට කට්ටි පනිමින් සිට ඇත. මොහුට ඇති බිය නිසා ප්‍රදේශවාසීන් පොලිසියට තොරතුරු දීමෙන් වැලකී සිට ඇත.

මතුගම නීතිය බලගැන්වීමේ එකකයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා මොහු පිඹුර හල්ඕවිට ප්‍රදේශයේ කැලෑවක ගල් ගුහාවක් සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ එම ගල් ගුහාවේ සඟවා තිබූ විදේශීය නිශ්පාදිත තුවක්කු දෙකක් බ්‍රව්නින් වර්ගයේ උණ්ඩ දහයක් දැමිය හැකි පිස්තෝලයක්ද ජීව උණ්ඩ දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී තවත් විදේශ නිෂ්පාදිත තුවක්කුවක් පිඹුර ප්‍රදේශයේ නිවෙසක තිබී අත්අඩංගුවට ගැනීමට හැකි විය. එම තුවක්කු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් මතුගම පොලිසියට භාර දී ඇත. අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන ලක්ශ්මන් වන්නිආරච්චි නොහොත් පිඹුරේ ලකී විවිධ අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන කරගෙන ඇත.


නව අදහස දක්වන්න