ජය ශ්‍රී මහා බෝ අංකූරයක් තායිලන්තයට | දිනමිණ

ජය ශ්‍රී මහා බෝ අංකූරයක් තායිලන්තයට

අනුරාධපුර මහමෙවුනා පිංබිමේ පිහිටි ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක් තායිලන්තයේ දහවන රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යය දිනයට තිළිණ කිරීම සඳහා තායිලන්තයට වැඩම කරවීම සඳහා පූජා කිරීමේ උත්සවයක් පසුගිය (17දා) අටමස්ථානාධිපති අචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.

තායිලන්තයේ දහවන රජුවන මහා වජිරා ලංකෝනි රජතුමාගේ මෞලි මංගල්‍ය පැවැත්වෙන දිනයේදී රජතුමා වෙත ශ්‍රී ලංකා රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසනය සමග ජය ශ්‍රීමහ බෝ සමිදුන්ගේ අංකුර බෝධීන් වහන්සේ පූජා කිරීම අද (19) නවම් පොහොය දින බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර බෝධි අංකුරය තායිලන්තයේ බැංකොක් නුවර, අයෝධ්‍යා ප්‍රදේශයේ වජිර ධර්මාරාම විහාරයේදී රෝපණය කිරීමට නියමිතව තිබේ.

ඡායාරූප- අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න