සංස්කෘතිය හා සාම්ප්‍රදාය රැක ගනිමින් බෞද්ධ ධර්මයට අනුව රට ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අනුරාධපුර යුගයේ සිට පැවැති පෙරහර සම්ප්රදාය මේ වනතෙක් පවත්වාගෙන ඒමට ශ්‍රී ලාංකේය රජයන්ට හැකිව තිබෙන බවත් එය ඉදිරියටත් එලෙසම ක්‍රියාත්මක කරන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
කොළඹ ගංගාරාම විහාරයේ වාර්ෂිකව සිදු කරන නවම් මහා පෙරහර උත්සවයට ඊයේ(18) එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ගංගාරාම විහාරයේ නවම් පෙරහර ආරම්භ කළේ 1979 වසරේදීයි. එවකට අගමැති පසුව ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ හා ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ කැපවීමෙන් කොළඹ නගරයේ වීථි සංචාරය කිරීමට පෙරහර ආරම්භ කළා. එදා සිට අද දක්වා මෙය වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ සඳහා මමත් එවක සිට සහයෝගය ලබාදෙනවා. මේ වන විට ගලබොඩ ඥාණිස්සර හිමියන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ. ගංගාරාම වාසී ස්වාමීන් වහන්සේලා පෙරහර පවත්වනවාද කියා මාගෙන් විමසීමක් කළ විට මා කිව්වේ පෙරහර පුළුවන් විදිහට පවත්වමු මමත් උදව් කරන්නම් කියායි. ගලබොඩ ස්වාමීන් වහන්සේ ඉක්මනින් සුවපත් වෙලා මේ පෙරහර උත්සවයට එක්වේවි කියා මා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ දිරිය නිසාමයි වාර්ෂිකව මෙම පෙරහර මේ තරම් දුරට ගෙන ඒමට හැකි වුණේ. පෙරහර කියන කාරණාව ආරම්භ වුණේ අනුරාධපුර යුගයේදී සම්ප්රදායක් හැටියටයි. එය අද දක්වා පවතිනවා. කුමන බාධාවන් ආවාත් සම්ප්‍රදායන් අපේ ජනතාව පවත්වාගෙන ආවා. එය ඉදිරියටත් ගෙන යනවා. සංස්කෘතිය ආරක්ෂා කරමින් බෞද්ධ දර්ශනය අනුව අප රට ඉදිරියට ගෙන යනවා. ඒ එක්කම අපි විහාරස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නවා. පෙරහර සම්ප්‍රදායත් අපි ඉදිරියට ගෙන යනනවා.
මෙම අවස්ථාවට නිවාස හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස, රාජ්‍ය ඇමැතිවරුන් වන හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
නව අදහස දක්වන්න