කොළඹට සේන්දු වූ නැවි රජා | දිනමිණ

කොළඹට සේන්දු වූ නැවි රජා

අඩි 1132 ක් දිගකින් යුක්ත MS Queen Mary නෞකාව කොළඹට පැමිණි විශාලතම නැව් වලින් එකක් වේ. මෙම සුඛෝපභෝගී මගී නෞකාවෙහි මගීන් 3,800 කට වඩා වැඩි සංඛ්‍යාවකට යා හැකි බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් වාර්තා කර තිබේ. මෙම නෞකාව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු මෙම ආයතනවල බලධාරීන් පිරිසක් විසින් පිළිගෙන ඇත. 2018 දී මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට මගීන් 47 ක් පැමිණ ඇති අතර 2019 සිට ජනවාරි සිට මේ දක්වා මගී නෞකා 12 ක් වරායට පැමිණ තිබේ.

ස්වභාවික වරායන් හතරකින් යුක්ත වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව, සුඛෝපභෝගී මගී නෞකා නැවත්වීමේ වැදගත් සංධිස්ථානයක් වී තිබේ.කෲස් ලයිනර් අවන්හල් පහක්, බාර්ස් සහ කැෆේ, ගොල්ෆ් පුහුණුව දැල්, ශරීර සුවතා මධෂ්‍යස්ථාන (ජිම්) , රූපලාවන්‍යාගාර පහක්, කැසිනෝ හල , ක්වීන්ස් කාමර ශාලාව, ආදී අධි සුඛෝපභෝගී අංග බෝහෝමයක් මෙම නෞකාවෙහි අන්තර්ගත වී ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ( SLTPB )විසින් නෞකාවේ ගමන් ගන්නා මගීන් සඳහා පින්නවල අලි අනාථාගාරය, බෙන්තොට, හික්කඩුව, මීගමුව, තේ වගාවන්, දළදා මාලිගාව සහ කොළඹ නගරය සාප්පු සවාරි සඳහා තෝරාගත් සංචාරක ආකර්ෂණීය ස්ථානතොරතුරු ලබා දී ඇති අතර එමගින් සංචාරකයින්ට මගපෙන්වීම් සඳහා විශාල දායකත්වයක් සපයනු ලබයි.

 

නව අදහස දක්වන්න