චන්දිමාල්ගෙන් ශතකයක් | දිනමිණ

චන්දිමාල්ගෙන් ශතකයක්

දිනේෂ් චන්දිමාල් වාර්තා කළ ශතකය හේතුවෙන් අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි දිනයට අදාළව පැවැති තරගයකින් සැරසන්ස් පිල පරදවා ලකුණු 47ක ජයක් අත්කර ගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

එන්.සී.සී පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී පිල කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සැරසන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ කඩුලු 149ක් පමණි.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ එන්.සී.සී කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලකුණු 101ක් රැස් කළේ පන්දු 62ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ ‍හයේ පහර 6 කින් වර්ණවත් විය.

මේ අතර ඊයේ පෙරවරුවේ පැවැති අනෙක් තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට යුද හමුදාව, නාවික හමුදාව, කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය කණ්ඩායම් සමත්වූහ.

මේ තරගවලදී යුද හමුදවේ අශාන් රන්දික හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 28කින් ලකුණු 53ක් හා අසේල ගුණරත්න පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 54ක් සමගින් රොස්කෝ තැට්ටිල් (ගුවන් හමුදාව) සහ සදීර සමරවික්‍රම (කෝල්ට්ස්) ද අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

යුද හමුදාව සමග බී.ආර්.සී පිටියේ පැවැති තරගයෙන් ගුවන් හමුදාව කඩුලු 8කින් පරාජයට පත්වූ අතර නාවික හමුදාව හමුවේ වරාය අධිකාරිය දොමටගොඩදී ලකුණු 43කින්ද, කෝල්ට්ස් පිල හමුවේ කටුනායකදී කළුතර නාගරික පිල ලකුණු 48කින්ද පරාජයට පත්වූහ. එස්.එස්.සී පිල තර්ස්ටන් පිටියේදී කඩුලු 4කින් පරාජය කිරීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වෙද්දී සී.සී.සී පිටියේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 37කින් පරාජය කිරීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ.

එන්.සී.සී-සැරසන්ස්

එන්.සී.සී - 196/5 (ඕවර 20) දිනේෂ් චන්දිමාල් නොදැවී 101 (රවින් සේයර් 28/2)

සැරසන්ස් - 149/9 (ඕවර 20) රනිත ලියනාරච්චි 48 (සචින්ද කොළඹගේ 8/3, ඩිලේෂ් ගුණරත්න 21/2)

යුද හමුදාව-ගුවන් හමුදාව

ගුවන් හමුදාව - 153/5 (ඕවර 20) රොස්කෝ තැට්ටිල් නොදැවී 52 (ජානක සම්පත් 21/2)

යුද හමුදාව - 154/2 (ඕවර 16.1) අසේල ගුණරත්න නොදැවී 54, අශාන් රන්දික 53

කෝල්ට්ස්-කළුතර

කෝල්ට්ස් - 150/7 (ඕවර 20) සදීර සමරවික්‍රම 55 (සචිත ජයතිලක 23/4, එරංග රත්නායක 23/3)

කළුතර නාගරික - 102/6 (ඕවර 20) (ප්‍රභාත් ජයසූරිය 14/2, කවිෂ්ක අංජුල 15/2, නිසල තාරක 17/2)

බ්ලූම්ෆීල්ඩ්-එස්.එස්.සී

එස්.එස්.සී - 149/8 (ඕවර 20) සඳුන් වීරක්කොඩි 41 (අසේල් සිගේරා 20/2, මදුෂාන් රවිචන්ද්‍රකුමා 20/2, සචින් ජයවර්ධන 20/2)

බ්ලූම්ෆීල්ඩ් - 150/6 (ඕවර 17.1) මදුෂාන් රවිචන්ද්‍රකුමා නොදැවී 47 (ජෙෆ්රි වැන්ඩසේ 40/2)

නාවික-වරාය

නාවික හමුදාව - 150 (ඕවර 19.3) සලිත ප්‍රනාන්දු 40 (රනේෂ් පෙරේරා 24/3, පූර්ණ ද සිල්වා 22/2, චමින්ද බණ්ඩාර 31/2)

වරාය අධිකාරිය - 107 (ඕවර 18) ප්‍රමෝෂ් පෙරේරා 56 (දුෂාන් හේමන්ත 9/3, තරූෂාන් ඉද්දමල්ගොඩ 16/2, සතික නිමල්ෂ 19/2)

බදුරලිය-මහනුවර

බදුරලිය - 159/8 (ඕවර 20) අලංකාර අසංක 43 (එන්. රත්නායක 25/4, සී. ප්‍රනාන්දු 40/3)

මහනුවර - 122 (ඕවර 19.2) (බුද්ධික සංජීව 22/4, සචිත් පතිරණ 21/2, නුවන් තුෂාර 33/2)

නිරෝෂාන් ප්‍රියංකර


නව අදහස දක්වන්න