රේසිං කාර් 18 ක් කුඩු පට්ටම් | දිනමිණ

රේසිං කාර් 18 ක් කුඩු පට්ටම්

ඔටෝ රේසිං පන්නයේ (නසාර්) ජනප්‍රියතම මෝටර් රථ ධාවන තරගාවලියක් ලෙසින් සැලකෙන ‘ඩේටෝනා 500’ මෝටර් රථ ධාවන තරගාවලියේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථ 18 ක් ගිනිගෙන විනාශ වී තිබේ.

වට 200 කින් සමන්විත වූ එම මෝටර් රථ තරගාවලියේ අවසන් වීමට වට 10 ක් තිබියදී මෙම අනතුර සිද්ධ වී තිබෙන නමුත්, එම මෝටර් රථ ධාවනය කරවූ කිසිම රියැදුරෙකු තුවාල නොලැබීම විශේෂත්වයක් වේ. මේ අනතුරු සිදුවීමත් සමඟ එම තරගාවලිය නතර කර දමා තිබෙන අතර ඒ වන විට ඉදිරියෙන් සිටි අමෙරිකානු මෝටර් රථ ධාවන ශූර ඩෙනී හැම්ලින්ට ජයග්‍රහණය පිරිනමා තිබේ.

නව අදහස දක්වන්න