සා.ඇලෝසියස්-විද්‍යාලෝක වාර්ෂික එක්දින ක්‍රිකට් ගැටුමක | දිනමිණ

සා.ඇලෝසියස්-විද්‍යාලෝක වාර්ෂික එක්දින ක්‍රිකට් ගැටුමක

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අතර සිසු දරුවන්ගේ සුහදතාවය වර්ධනය කිරීම සඳහා මේ වසරේ සිට සුහද ක්‍රිකට් තරගයක් ආරම්භ කර ඇත. ඕවර 50කට සීමා වන මේ තරගය ලබන මස 9 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Glory of Galle නමින් පවත්වන මේ තරගයේ මාධ්‍ය දැනුවත් කිරීම, අනුග්‍රාහකත්වය පිරිනැමීම සහ කණ්ඩායම් හඳුන්වා දීම පසුගියදා උණවටුනේදී පැවැත්විණි. මෙහි දී ඩී.එස්.අයි ආයතනය අදාළ තරගය සඳහා අනුග්‍රාහය ලබා දුන් අතර දෙවිදුහල්වල විදුහල්පතිවරුන් සඳහන් කර සිටියේ මේ තරගය වාර්ෂිකව සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අවස්ථාව සඳහා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති නයනප්‍රිය පෙරේරා, විද්‍යාලෝක විදුහල්පති ප්‍රසන්න සෙනවිරත්ත යන මහත්වරුන් ඩී.එස්.අයි ආයතනය වෙනුවෙන් එහි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, දෙවිදුහල්හි ක්‍රීඩා ගුරුවරුන් හා ක්‍රීඩකයන් ද සදහභාගි වුහ.

ඉමදුව සමූහ
ලංකින්ද නානායක්කාර


නව අදහස දක්වන්න