පරිපාලන නගරය පූර්ණ වූ මහා නගරයක් විය යුතුයි | දිනමිණ

පරිපාලන නගරය පූර්ණ වූ මහා නගරයක් විය යුතුයි

* කොළඹ රාජ්‍ය ආයතන 113ක් බත්තරමුල්ල පරිපාලන නගරයට
* බත්තරමුල්ල පරිපාලන නගර මධ්‍යයේ බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය
* ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවේ

බත්තරමුල්ල පරිපාලන නගර මධ්‍යයේ බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවීමේ මේ වන විට සුදුකර අවසන්ය

මේ බහුවිධ ප්‍රරවාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා ඩුබායි සහ අබුඩාබි නගරවල සිට මෙහි පැමිණි පුද්ගලික ආයතනයේ ආයෝජකයන් ඔවුන්ගේම ආයෝජන මගින් නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන කළ මෙම ඉඩමේ අනාගතයේ මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවේ.

එදා මෙතන කඩුවෙල නගර සභාවේ කැළි කසළ ගෙනවිත් දමන මධ්‍යස්ථානයක්ව තිබුණි. ඒ වගේම අනවසර පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් රැඳී සිටින ස්ථානයක් විය. ඒ සියල්ලම වෙනස් කර මේ ස්ථානය දියුණුවේ ජය භූමියක් බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද කටයුතු කර තිබේ. මෙයට පිටුපසින් කොස්වත්තේ සිට කඩුවෙල දක්වා මහා මාර්ගයක් දිව යයි. ඒ වගේම බත්තරමුල්ල මංසන්දියේ සිට නව මාර්ගයක් මෙයට වම්පසින් ඉදිකෙරේ. ඒ වගේම අනාගතයේ කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන ඒ සැහැල්ලූ දුම්රිය සේවයත් මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කරනවා ඇත. මෙයට සමාන්තරව දැනට කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන රාජ්‍ය ආයතන 113ක් මේ පරිපාලන නගර ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිලි 4ක් ඉදිකිරීම් කටයුතු දැන් නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කරගෙන යයි.

මේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන චම්පික රණවක ඇමැතිවරයාගේ හඬයි එදා මේ සෙත්සිරිපායවල් ගොඩනැඟුවේ රජයේ අරමුදල්වලින් බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අද නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල්වලින් රජයට බරක් නොවී සහ පුද්ගලික අංශයේ සහයෝගයෙන් පෞද්ගලික සහ රජයේ ආයෝජනයක් ලෙස රට ණය නොකර ඒ කටයුත්ත සිදු කරන බව අපි ඉතාම පැහැදිලිව කියනවා. ඒ වගේම මේ කලාපය අද ශීඝ්‍රයෙන් දියුණුවන කලාපයක්. අවාසනාවකට මෙහි පරිපාලන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ පාර්ලිමේන්තුව, රජයේ කාර්යාලවලට අයිති මේ ප්‍රදේශය සහ නාගරික ජනාවාස ප්‍රදේශ, එක් පැත්තකින් මහරගම නගර සභාවට, අනෙක් පැත්තෙන් කඩුවෙල නගර සභාවට, කෝට්ටේ ජයවර්ධනපුර මහනගර සභාවට, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට ඔය වගේ ආයතන ගණනාවකට අයිතියි. ඒ නිසා අපි අනාගතයේ කල්පනා කර තිබෙනවා අනාගතයේ දී මේ නගරාධිපතිතුමාලා නගර සභාවල මේකට බලවත් අකමැත්තක් තිබුණත් මේ පරිපාලන නගරය වෙනම ඒකකයක් හැටියට, වෙනම නගර සභා බල ප්‍රදේශයක් හැටියට ඉදිරියේ දී ප්‍රකාශයට පත් කර අලූතින් පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නව නිර්ණායකයන් අනුව මහා නගරයක් ලෙස මේ පරිපාලන නගරය අනාගතයේ ගොඩනඟන්න.

ඒ මගින් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ප්‍රදේශය රටේ පරිපාලන අගනගරය කිරීම සඳහා දරන උත්සාහය ඊ ළඟ අවුරුදු 5 දී පරිසමාප්තියක් වෙලා එය මේ රටට ප්‍රතිඵලදායක අගනගරයක් බවට පරිවර්තනය වේවි කියා. ඒ සඳහා විශේෂයෙන්ම අප ගැන විශ්වාසය තැබූ පෞද්ගලික අංශයට අපේ ස්තූතිය පිරිනමනවා.

නව අදහස දක්වන්න