ඌව- මධ්‍යම - වයඹ ග්‍රාමීය රෝහල්වලට ගිලන් රථ 38ක් බෙදයි | දිනමිණ

ඌව- මධ්‍යම - වයඹ ග්‍රාමීය රෝහල්වලට ගිලන් රථ 38ක් බෙදයි

මෙරට ග්‍රාමීය රජයේ රෝහල්වල යටිතල ව්‍යුහය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඌව, මධ්‍යම හා වයඹ පළාත් ප්‍රාදේශීය රෝහල් අතර බෙදා හැරීමට ගිලන් රථ 38ක් ලබා දී ඇත.

රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එම ගිලන් රථ ලබා දී ඇත්තේ ඈත-එපිට දුෂ්කර ගම්මානවල ජනයාට රජයේ වෛද්‍ය ප්‍රතිකාර හා සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් ඵලදායී කිරීමටත් කාර්යක්ෂම කිරීමටත්ය.

ඌව පළාත් බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි පිහිටා තිබෙන රෝහල් 13ක් ද මධ්‍යම පළාත් මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි රෝහල් 10ක් ද වයඹ පළාත් කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි රෝහල් 15ක් ද එම ගිලන් රථ භාවිත කරයි.

මධ්‍යම පළාතේ තවත් රෝහල් 14කටත් ළඟදීම ගිලන් රථ ලැබෙනු ඇති බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ගයක් කීය.

රට පුරා පිහිටි රෝහල් 132කට අවශ්‍ය ගිලන් රථ තොගයක්, රජය මේ වන විට බෙදා හැර ඇතැයි ද ඒ, පළාත් සභා රෝහල් 103කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 ට ද ආයුර්වේද රෝහල් 2කට ද ලබා දීමට බව එම ආරංචි මාර්ගය තවදුරටත් කීය.

එම රථයක වටිනාකම රුපියල් 18,900,000ක් පමණ වන බවත් කියවෙයි.

මහවැලි කලාපීය සමූහ වාර්තාකරු- නවරත්න බංඩාර

 


නව අදහස දක්වන්න