සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සකස්කරන්න ආපන ශාලාවලට පාඩමක් | දිනමිණ

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සකස්කරන්න ආපන ශාලාවලට පාඩමක්

මැදවච්චිය නගරයේ ආපන ශාලාවල ආහාර සකස්කරන ස්ථාන විෂබීජවලින් ආරක්ෂාවන පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පාරිභෝගිකයා වෙත ආහාර ලබා දෙන ආකාරය සමබන්ධව ආපන ශාලා හිමියන් දැණුවත් කිරීමේ වැඩ සටහනක් මැදවච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය එක්ව පසුගිය දා (12) ක්‍රියාත්මක කෙරිණි.

මැදවච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිළධාරනි වන ජේ. ඒ.අයි අසෝක වික්‍රමසිරි, කේ.ඒ.ඩී. සුරංග සහ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ යන මහත්ම මහත්මියන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධාන කර තිබුණී.

මැදවච්චිය නගරයේ ආපන ශාලා 15 ක් පිහිටා ඇත. 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ පනවා ඇති නියෝග සම්බන්ධයෙන් ආහාර පිළියල කරන්නන් ,පරිහරනය කරන්නන් දැනුවත් කිරීම එහිදී සිදු කලේය. එම ආපන ශාලා පරික්ෂා කර පවතින අඩු පාඩු කම් සකසා නැවත පරික්ෂාවකට ලක් කිරීමේදී එම අඩු පාඩුකම් නොතබීමට කටයුතු කරන ලෙස එහිදී වෙළද සැල් හිමියන් දැණුවත් කෙරිණී.

ඇතම් ආපන ශාලා වල ( ඒ )̎̎ ශ්‍රේණි ගත කිරීම මීට පෙර සිදුව තිබු අතර මෙම මෙහෙයුමෙන් අනතුරුව නැවත ශ්‍රේණි ගත කිරීම් සිදු කරණ බවත් එහිදී මහජන සෞඛ්‍ය නිළධාරන්‍න් පැවසූහ. මෙම දැණුවත් කිරීම පළමු අදියර වශයෙන් සිදු කරන අතර දෙවන අදියර යටතේ ශ්‍රේණි ගත කිරීම සිදු කරන බවත් තෙවන අදියර යටතේ අඩුපාඩු නැවත සැකසීමට අපොහොසත් වන වෙළද සැල් හිමියන් හට නඩු පැවරීමට කටයුතු කරන බවත් අප කළ විමසීමකදී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිළධාරි ජේ. ඒ.අයි අසෝක වික්‍රමසිරි මහතා පැවසූහ. එහිදී වැඩි දුරටත් පවසා සිටියේ මැදවච්චිය නගරයේ ආපන ශාලා 15 න් සතුටු ඉහල තත්වයේ සෞඛ්‍යආරක්ෂිතව පවත්වාගෙන යන වෙලදසැල් කිහිපයක් පමණක් පවතින බවයි. සියලුම ආපන ශාලා එම තත්ත්වයට ගෙන ඒමට මෙම දැණුවත් කිරීම සිදු කරණ බවද ඒ මහතා පැවසූහ.

එස්.ජී.උබේපාල , කැබිතිගොල්ලෑව සමූහ.

 


නව අදහස දක්වන්න