කීඩෑ උවදුරින් පදලංගල අක්කර 300ක් අවදානමේ | දිනමිණ

කීඩෑ උවදුරින් පදලංගල අක්කර 300ක් අවදානමේ

පදලංගල,අගුණකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් මැටිගන්වල වසමේ අක්කර 300කට ආසන්න ප්‍රමාණයක පැතිරයන කීඩෑ උවදුරක් හේතුවෙන් කුඹුරු යායවල් විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව ගොවීනහු කියා සිටිති.

මේ වන විට එම ගොයම් සති 3 කින් පමණ අස්වනු නෙළීමට නියමිතව තිබියදී මෙසේ කීඩෑ උවදුරට ලක්ව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන මහතා, යල කන්නයේ වගා කරන ලද මෙම කුඹුරු අස්වනු නෙලීමට ආසන්නව තිබියදී හිටපු ගමන් මේ කුඹුරු යායවල් විශාල කීඩෑ උවදුරකට ලක්වෙලා කළයුතු දෙයක් නැහැ. රටට ණය වෙලා කණ කර උකස් කරල මේ ගොවිතැනැක් කරල තියෙන්නෙ.

දැන් ගොවීන්ට යන එන මං නැහැ. දැනට සියයකට 30ක් පමණ මුළුමනින්ම විනාශයි. මේ ප්‍රදේශයේම සියලු කුඹුරු අවදානම් තත්ත්වයේ තියෙන්නෙ. රජය කියනවා නොමිලේ රක්ෂණය කරනව කියලා. නමුත් කරල නැහැ. ගොවින් රවටලා අක්කරයකට වගා වන්දි රු. 40000ක් ගෙවනවා කියලා අමාත්‍යංශය කියනවා. ගොවි ජන සේවා ආයතනය කියනවා රක්ෂණ මුදල් ගෙවල නැති නිසා වන්දි දෙන්න බැහැ කියලා. රක්ෂණය නොගෙවන්නේ නම් හානි වූ කුඹුරුවලට ඉදිරි කන්නය සඳහා බීජ වී ටිකවත් නොමිලේ ලබා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.

උඩවලව විශේෂ සේන විදාන ගමගේ

නව අදහස දක්වන්න