මගී සංචාරක ‍නෞකාව ගාල්ලට සේන්දු වෙයි | දිනමිණ

මගී සංචාරක ‍නෞකාව ගාල්ලට සේන්දු වෙයි

ඇමරිකා ඵක්සත් ජනපදයේ බහමාස් වලට අයත් විශාල මගී සංචාරක ‍නෞකාවක් ගාල්ලට පැමිණ තිබේ. නේවාසිකව ජිවත් වෙමින් සංචාරය කිරීමට හැකියාව ඇති මෙම නැව මහල් කිහිපයකින් සමන්විත වන අතර කාමර 163ක් පමණ යුක්තවේ.

සියලු කාමර සංචාරකයන් ගෙන් පිරී ඇති අතර ඔවුන් ගාල්ල නගරයේ සංචාරය නිරත වේ. කොළඹට පිටත්ව යාමට නියමිත අතර දින තුනක කාලයක් ගතකොට ඉන්දියාවේ කෝචිං වරායට ගමන් කෙරේ.මෙම නැව ගාලු වරායෙන් පිටත නැංගුරම්ලා තිබේ.

කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ

නව අදහස දක්වන්න