හොර පාස්පෝට්වලින් ලන්ඩන් යන්න ගිය යුවලක් දැලේ | දිනමිණ

හොර පාස්පෝට්වලින් ලන්ඩන් යන්න ගිය යුවලක් දැලේ

මහින්ද අලුත්ගෙදර

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කොට චෙන්නායි සිට ලන්ඩන් බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. වවුනිකුලම් ප්‍රදේශයේ පදිංචි විජයාන් සහ යසෝධා නැමැති ලාංකික යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම යුවළ ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන් ගමන් බලපත් මාර්ගයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට සූදානම්ව සිටිය දී චෙන්නායි ගුවන්තොටුපොළ බලධාරීන් සිදුකළ සෝදිසියක් අතරතුර මෙලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික යුවළ 2009 වසරේ ලංකාවේ දී අවසන් වූ සිවිල් යුද්ධයට සම්බන්ධ වූවන් ද යන්න සම්බන්ධයෙන් චෙන්නායි ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුරටත් සොයා බලමින් සිටින බවද එම වාර්තා සඳහන් කරයි. තමන් ශ්‍රී ලංකාවේ සිටින සංචාරක නියෝජිතයකු හරහා මෙලෙස ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් භාවිතා කොට චෙන්නායි සිට ලන්ඩනය වෙත ගුවන්ගත වීමට සැලසුම් කළ බවට එම ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන්ට දැනුම් දී තිබේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මෙම ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන් බාරයේ රඳවා සිටින බවද වාර්තා වෙයි.

නව අදහස දක්වන්න