‘කෝටි 700යේ දියමන්තිය ළඟදීම මෙරටින් සොයාගන්න පුළුවන්’ | දිනමිණ

‘කෝටි 700යේ දියමන්තිය ළඟදීම මෙරටින් සොයාගන්න පුළුවන්’

මහරගම ව්‍යාපාරිකයකුගෙන් කොල්ලකා ඩුබායි සිටින මාකදුරේ මධුෂ්ගේ අතට පත් කළායැයි සඳහන් රුපියල් කෝටි 700ක් පමණ වටිනා දියමන්තිය ළඟදීම මෙරටින් සොයා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

එම දියමන්තිය ඔප දැමීමට දියමන්ති ඔප දමන්නෙක් වෙත දින කිහිපයකට පෙර රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට සොයාගෙන තිබේ. දියමන්තිය ඔප දමන්නට රැගෙන ගිය පුද්ගලයන් ද මේ වන විට හඳුනාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් එම පොලිස් කණ්ඩායම කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුගෙන් මේ දිනවල දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම දියමන්තිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ඇරැව්වල පදිංචි දියමන්තියේ හිමිකරුවා ද විශේෂ පොලිස් ඒකකයට කැඳවා ඇත. ඔහු මගින් මෙරට ඇති එකී දියමන්තිය හඳුනා ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න