තීන්දු තීරණ ගැනීමේදී චක්‍රලේඛ වෙනස්වීම් සිදුකළ යුතුයි | දිනමිණ

තීන්දු තීරණ ගැනීමේදී චක්‍රලේඛ වෙනස්වීම් සිදුකළ යුතුයි

අපේ අධ්‍යාපන පද්ධතිය තුළ සිටින බොහෝ දෙනෙක් කිසිවක් වෙනස් කරන්නට අකමැති බවත්, බොහෝ දෙපාර්තමේන්තුවල ද අනෙකුත් කාර්යාලවල ද එම තත්ත්වයෙහි වෙනසක් නැති බවත්, චක්‍රලේඛ යනු ත්‍රිපිටකය, බයිබලය හෝ කුරානය මෙන් සලකා අනුගමනය කළ යුත්තක් නොවන බවත්, තීන්දු තීරණ ගැනීමේදී ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් චක්‍රලේඛ සම්බන්ධයෙන් වෙනස්වීම් සිදුකළ යුතු බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනකට එක්වෙමින්. අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත පදනමින් බඳවාගත් 2017/2018 කණ්ඩායමේ නිලධාරින් සඳහා වන ධාරිතා සංවර්ධන හා ප්‍රගති සමාලෝචන වැඩසටහන (18) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

වෘත්තීය සංගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳවද ගැටලු පවතින බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා. බොහෝ වෘත්තීය සංගම් ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට විරෝධතා දැක්වීම වෘත්තියක් බවට පත් කරගනිමින් ජනප්‍රියත්වය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළා. මෙම අවස්ථාවට අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


නව අදහස දක්වන්න