කොකේන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන දේශපාලනඥයන් ගැන කතානායකට සී.අයි.ඩී.යට දැන්නුවා | දිනමිණ

කොකේන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන දේශපාලනඥයන් ගැන කතානායකට සී.අයි.ඩී.යට දැන්නුවා

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන දේශපාලනඥයින්ගේ නම් කතානායකවරයා වෙත හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිහතර දෙනෙකු සිටින බවද ඇතැම් හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද මත්ද්‍රව්‍ය භාවිතයේ සිටින බවත් කියයි.

රන්ජන් රාමනායක මහතා මේ බව කියා සිටියේ පෙරේදා (18 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

තමන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට රුධිර පරීක්ෂණයකින් පෙන්වා දිය හැකි බවත් අනෙකුත් පිරිසටද එලෙස රුධිර පරීක්ෂණ වාර්තා මඟින් ඇත්ත නැත්ත හෙළි කළ හැකි බවත් රාමනායක මහතා කියයි.

දේශපාලනඥයන් පමණක් නොව ගිහි පැවිදි, ව්‍යාපාරික පිරිස් මෙන්ම පාසල් සිසුන්ද මෙයට ඇබ්බැහි වී ඇතැයි පවසා සිටි රාමනායක මහතා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳ පරීක්ෂණවලදී සිය සහාය උපරිම වශයෙන් ලබාදීමට සුදානම් බවද අවධාරණය කරයි.


නව අදහස දක්වන්න