‘නේවි සම්පත්‘ යළි රිමාන්ඩ් | දිනමිණ

‘නේවි සම්පත්‘ යළි රිමාන්ඩ්

(සුභාෂිණී සේනානායක)
කොටහේන ප්‍රදේශයේ  පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළව 10 වන සැකකරු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත් නේවි සම්පත් ඇතුලු තිදෙනා ලබන මාර්තු මස 06  වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(20) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ,ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර හෙවත් අන්නච්චි සහ ඩිලන්ත සේනාරත්න යන සැකකරුවන් තිදෙනා වෙති.
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් සෝමදාස සහ කොට්ටගේ යන දෙදෙනාගෙන් ලබා ගත් සාක්ෂි වලට අනුව පුළුල් විමර්ශනයක් සිදු කරන බවද නිශාන්ත මහතා අධිකරණයට කියා සිටියේය.
අතුරුතදහන් වූ ජෝන් ,අලි සහ රජිව් යන තිදෙනා පැහැරගැනීමට ඔවුන ්සම්බනධ වූ බවත් ඔවුන් ත්‍රස්තවාදින් බව අගවමින් පැහැරගැනීම් සිදු කර ඇති බවත් ඔවුන්ගේ ප්‍රකාශ වල ඇතුළත් බව කියා සිටි නිශාන්ත මහතා අතුරුතදහන් වූ තිදෙනා ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් කඳවුරේ නිලධාරියකු වෙත  භාර දී ඇති බවත් විමර්ශන අනාවරනය කර ඇති බවත් කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ඇති බව දැනගෙන ඇත්තේ කාලයක් ඉක්ම ගිය පසුව බවත් කියා සිටියේය.
 
එම ස්ථාන වල ඡායාරූල ලබා ගැනීමිට කටයුතු කළ බව අධිකරණයට කියා සිටි නිශාන්ත මහතා අතුරුදහන් වූ ජෝන් ඔහුගේ පෙම්වතිය සමග ගිය වෑන් රථය සැකකරුවකු වන රණසිංහගේ මිතුරකුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය.
 
සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වලට දුරකතන වාර්තා වලට අදාළ  විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව  අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ  සමූහ මංකොල්ල මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.
 
එමෙන්ම සැකකරුවන් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන්ද  පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් කප්පම් ලබා ගත් බව කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
මේ වන විට අනාවරණය වූ සියලු සාක්ෂි සම්බන්ධයෙන් සහ එම කරුණූ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කි ඒ මහතා එතෙක් සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාගර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
බන්ධනාගාරය විසින් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා  හිටපු  මාධ්‍ය ප්‍රකාශක   ඩී.කේ.පී දසනායක  යන අය  ඇතුළු  සැකකාර  නාවික හමුදා  නිලධාරීහු 09  දෙනකු  ඇප මත සිටි.

නව අදහස දක්වන්න