ආගරපතනේ දී අතුරුදන්වූ දරුවා හමුවෙයි | දිනමිණ

ආගරපතනේ දී අතුරුදන්වූ දරුවා හමුවෙයි

හැටන්, ආගරපතන ප්‍රදේශයේ දී අතුරුන්ව සිටි වයස අවුරුදු 02 ක් වූ පිරිමි දරුවා අද (20) උදෑසන නිවස අසළ පිහිටි මාර්ගයක සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
 
නිවස අසළ සෙල්ලම් කරමින් සිටිය දී ඊයේ (19) මෙම දරුවා අතුරුදන් බවට ඥාතීන් විසින් පොලීසියට දැනුම් දී තිබිණ. 
 
ඒ අනූව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ පොලීසිය දරුවා පැහැරගෙන ගොස් සිට සෝදිසි මෙහෙයුම අතරතුර නැවතත් නිවස අසළට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

නව අදහස දක්වන්න