මොහාන්ට-රවීන්ට ඡන්ද ඉල්ලන්න අව­සර උණු­සුම් ක්‍රිකට් නිල­ව­ර­ණය අදයි | දිනමිණ

මොහාන්ට-රවීන්ට ඡන්ද ඉල්ලන්න අව­සර උණු­සුම් ක්‍රිකට් නිල­ව­ර­ණය අදයි

නෙල්කා මැද­ගෙ­දර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ තන­තුරු සඳහා තමන් ඉදි­රි­පත් කර තිබූ නාම යෝජනා ප්‍රති­කේෂ්ප කිරී­මට එරෙ­හිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍ර­ම­රත්න මහ­ත්වරු ඉදි­රි­පත් කර තිබූ පෙත්සම ඊයේ (20) අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ සම­ථ­ය­කට පත්වීම නිසා අද (21) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ ක්‍රිකට් නිල­ව­ර­ණය නිය­මිත පරි­දිම පැවැ­ත්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ තන­තුර සඳහා තරග කිරී­මට පෙත්ස­ම්ක­රු­වන් දෙදෙ­නාට අව­සර ලබා­දී­මට ක්‍රීඩා අමා­ත්‍ය­ව­රයා තීර­ණය කර ඇතැයි නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­ස්ටාර් ජෙන­රාල් සංජේ රාජ­ර­ත්නම් මහතා දැනුම් දීමෙන් පසුව එම පෙත්සම් සම­ථ­ය­කට පත් කර­ගැ­නී­මට දෙපා­ර්ශ්වය කැමැත්ත පළ කළේය.
අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ වැඩ බලන සභා­පති විනි­සුරු දීපාලි විජේ­සු­න්දර මහ­ත්මිය සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු අර්ජුන ඔබේ­සේ­කර මහතා ඉදි­රි­යෙහි මෙම පෙත්සම් ඊයේ කැඳවා තිබිණී.
එහිදී ක්‍රීඩා අමා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් ද පෙනී සිටි අති­රේක සොලි­ස්ටාර් ජෙන­රාල් සංජේ රාජ­ර­ත්නම් මහතා සඳ­හන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සභා­ප­ති­ධු­රය සඳහා නාම­යෝ­ජනා ඉදි­රි­පත් කළ මොහාන් ද සිල්වා මහ­තාට ලේක­ම්ධු­රය සඳහා තරග කිරී­මට ද, රවීන් වික්‍ර­ම­රත්න මහ­තාට උප සභා­ප­ති­ධු­රය සඳහා තරග කිරී­මට ද අව­ස්ථාව ලබා­දී­මට ක්‍රීඩා අමා­ත්‍ය­ව­රයා තීර­ණය කර ඇති බව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා තමාට දන්වා ඇති බවය. පෙත්ස­ම්කාර පාර්ශ්වය ඊට එකඟ විය. කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිල­ව­ර­ණය අත්හි­ටු­වන ලෙස සහ තවත් ඉල්ලීම් කිහි­ප­යක් පෙත්සම මගින් ඉල්ලා ඇති නිසා ඒ සම්බ­න්ධව සළකා බැලී­මට පෙත්සම මාර්තු මස 21 දින කැඳ­වී­මට නියම විය.
 


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ තරග වැදීමට සුදුසුකම් ලැබූ නිලවරණ කමිටුව පිළිගත් නාම යෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) - ෂම්මි සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන්,

උප සභාපති (තනතුරු 2යි) - අර්ජුන රණතුංග , ෂම්මි සිල්වා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න, කේ මතිවානන්,

ලේකම් (තනතුරු 1යි) - මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග, බන්ධුල දිසානායක, ෂම්මි සිල්වා,

භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ඊස්මන් නාරංගොඩ, රවීන් වික්‍රමරත්න, නලීන් වික්‍රමසිංහ,ලසන්ත වික්‍රමසිංහ

උප ලේකම් (තනතුරු 1යි) - හිරන්ත පෙරේරා, ක්‍රිශාන්ත කපුවත්ත, බන්ධුල දිසානායක, රවීන් වික්‍රමරත්න,

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ලලිත් රඹුක්වැල්ල, නලීන් වික්‍රමසිංහ, සන්ජය සේදර සෙනරත්

නව අදහස දක්වන්න