ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ස්ථාපිත කරයි | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ස්ථාපිත කරයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් කෞතු­කා­ගා­රය විවෘත කර­මින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධා­යක ඈෂ්ලි ද සිල්වා, ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේකම් චූලා­නන්ද පෙරේරා සහ එක්දින හා විස්සයි20 කණ්ඩා­යමේ නායක ලසිත් මාලිංග මෙහි වෙති. ඡායා­රූ­පය - ගයාන් පුෂ්පික

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ "ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය" ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ උදෑසන විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුල ඉදිකර ඇති මෙම කෞතුකාගාරය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය මතක සටහන් රැසක් මහජනතාව හට ප්‍රථම වතාවට දැක ගැනීමට අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිකට් කෞතුකාගාරය මහජනයා වෙනුවෙන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කර තිබෙන අතර පාසල් ළමුන් සඳහා මෙය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

ක්‍රිකට් කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා,ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහත්වරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක් දින සහ විස්සයි 20 නායක ලසිත් මාලිංග එක්වූහ.

 


නව අදහස දක්වන්න