ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම් පින්කම අද | දිනමිණ

ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම් පින්කම අද

සමන්මලී ප්‍රියශාන්ති

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම් පින්කම අද (21) රාත්‍රියේදී හා හෙට (22) ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. ලේක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් හා අනුග්‍රහයෙන් මේ පින්කම සංවිධාන කරයි. ඒ අනුව අද (21) රාත්‍රියේ දී හුණුපිටිය ගංගාරාම විහාරස්ථ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙයි.

පසුදින (22) දහවල් දානමය පින්කමක් ද පැවැත්වෙන අතර ඒ සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය තෛනිකායික මහා සංඝරත්නය වැඩම කරති.

ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය මෙම පින්කම සංවිධාන කරන අතර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවාව ඔස්සේ මහ පිරිත් දේශනය අද (21) රාත්‍රියේ සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.


නව අදහස දක්වන්න