සෙර­න්ඩිබ් සම්මේ­ල­න­යේ දී ක්‍රියා­ශී­ලීන් සම්මා­න­යට | දිනමිණ

සෙර­න්ඩිබ් සම්මේ­ල­න­යේ දී ක්‍රියා­ශී­ලීන් සම්මා­න­යට

සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම මගින් ඒයාර්පෝට් ගේට්වේ හෝටලයේ දී මෑතක දී පවත්වන ලද සිය පස්වන වාර්ෂික අලෙවි සම්මේලනයේ දී ක්‍රියාශීලී අලෙවි බලකායේ ඉහළ සාධන මට්ටම් ලබාගත් නිලධාරීන්ගේ ජයග්‍රහණයන් පැසසුමට ලක් කරන ලදී. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, අංශ ප්‍රධානීන්, අලෙවි බලකාය සහ අනෙකුක් ආරාධිතයින් ඇතුළු 175 ක පමණ පිරිසකගෙන් සමන්විත වූ මෙම අවස්ථාව 2019 වසර සඳහා සමාගමේ තේමා පාඨය වන, ’ගුණත්වය සහ සේවය තුළින් කීර්තිය’ යටතේ පවත්වන ලදී. මෙම උත්කර්ෂවත් වාර්ෂික අලෙවි සම්මේලනය සමාගමේ දින දසුනේ ඉතා වැදගත් අවස්ථාවක් වන අතර, එය වසර තුළ ලබාගත් ප්‍රගතිය ඇගයීම, කැපී පෙනෙන විශිෂ්ට දායකතවයක් ලබාදුන් අය හඳුනාගැනීම, ඔවුන්ට සම්මාන පිරිනැමීමට සහ ඉදිරි වර්ෂයේ ඉලක්කගත බලාපොරොත්තු ඉටුකර ගැනීමට මග හසර සලසන මහත් අපේක්‍ෂා සහිත අවස්ථාවක් ද විය.

සම්මාන ලාභීන් අතර 2018 වසරේ සෙවන් ස්ටාර් B2BÓඅලෙවි විධායක ලෙස කේ.එච්.සී.සංජීව මහතා සම්මානයට පාත්‍ර වූ අතර පසුගිය වසරේ එම සම්මානය දිනාගත් අසේල පුෂ්පකුමාර මහතා දෙවන ස්ථානයට පත්විය. තුන්වන ස්ථානය දිනාගනු ලැබූයේ අසංක නොයෙල් මහතාය. එමෙන්ම 2018 වසරේ සෙවන් ස්ටාර් B2BÓවසරේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ලෙස පළමු ස්ථානය දිනාගත් බෙනඩික්ට් ජෙබමාලේ සහ ඊ.එම්.රසික ප්‍රසාද් යන මහතුන් සම්මානයට පාත්‍ර වූ අතර ආර්.එම්.තනූෂ ලක්ෂිත රත්නායක මහතා තුන්වන ස්ථානය දිනා ගත්තේය. සෙවන් ස්ටාර් B2C කාණ්ඩයේ 2018 වසරේ විධායක නිලධාරියාට හිමි සම්මානය නදීශාන් ජයමාන්න මහතා දිනාගත් අතර ඉන්දික විජේසිංහ මහතා වසරේ සෙවන් ස්ටාර් තාක්‍ෂණික විධායක නිලධාරියාට හිමි සම්මානය දිනා ගත්තේය. සෙවන් ස්ටාර් B2C කාණ්ඩයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මානය ඒ.ඒ.ඒ.ආර්.පී.අමරතුංග මහතා විසින් දිනා ගන්නා ලදී.

උත්සව සන්ධ්‍යාව අතරතුර පැමිණි සිටි පිරිස ඇමතූ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මොහමඞ් රියාල් මහතා, Òඅපගේ සමාගමේ ජයග්‍රහණයන් සමස්ත කණ්ඩායම සමඟ සැමරීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි. 2019 වසර සඳහා වන තේමා පාඨය ‘ගුණත්වය සහ සේවය තුළින් කීර්තිය’ මගින් පෙන්වා දෙන්නේ ගුණාත්මකභාවය සහ සේවය යන බලකණු දෙක කෙරෙහි විශේෂත්වයක් දැක්වීමට සමාගමේ ඇති කැපවීමය. මෙම තේමා පාඨය සමාගමේ ඉලක්කයන් සපුරා ගැනීමට අසාමාන්‍ය උද්යෝගයක් සහ කැපවීමක් දැක්වූ අපගේ අලෙවි බලකාය මහත් ප්‍රබෝධයට පත් කරවනු ඇත. අපගේ සමස්ත කණ්ඩායමේ සහයෝගය ඇතිව ජාතිය පෝෂණය කිරීමේ තවත් සාර්ථක වසරක් දෙස මම ඉමහත් අපේක්‍ෂාවෙන් බලා සිටිමි.”

නව අදහස දක්වන්න