මොබිටෙල් mCashQR නවමං විවිර කරයි | දිනමිණ

මොබිටෙල් mCashQR නවමං විවිර කරයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ ඩිජිටල් මූල්‍ය භාවිතාවන් ව්‍යාප්ත කිරීමට කැපවන මොබිටෙල් ආයතනය සිය mCash මොබයිල් ඇප් එකට අමතර අගය එකතු කිරීමක් ලෙසmCashQR මෑතක දී හඳුන්වා දුන්නේය.

මේ පහසුකම ලබාගන්නාට ක්ෂණික ප්‍රතිචාර කේත Quick Response (QR) භාවිතයෙන් ඉතාමත් වේගවත්ව ලේසියෙන් සහ පහසුවෙන් ඩිජිටල් මූල්‍ය ගනුදෙනුවක් සිදුකර ගැනීමට හැකියාව ලැබෙයි. mCash යෙදවුම එක මඟින් පාරිභෝගිකයාට මුදල් තැන්පත් කිරීම, mCash මුදල් ලබාගැනීම, අනෙක් අයට mCash මුදල් යැවීම, බිල් ගෙවීම සහ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයාට සහ වෙළෙන්දා අතර සිදුවන සම්පූර්ණගනුදෙනු කිරීමේ අත්දැකීම QR ක්‍රියාවලිය මඟින් සරල වේ. QR පහසුකම භාවිත කරන්නාට ක්ෂණිකව QR කෝඩ් එක ස්කෑන් කරගැනීම හරහා තත්පරයක් දෙකක් තුළ අදාළ ගනුදෙනුව සිදුකර ගැනීමේ හැකියාව ලැබේ. වැඩි දියුණු කළ mCash මොබයිල් යෙදවුම එක Android සහ iOS දුරකථන භාවිත කරන්නන්ට කිසිදු ගෙවීමකින් තොරව බාගත කර ගැනීමේ හැකියාව mCash මගින් දැන් උදාකර තිබේ. තව සති කිහිපයක් තුළ දිවයින පුරා විසිරී සිටින mCash නියෝජිතයන් හරහා mCashQR පහසුකම ඔබට ලබාගත හැක.

නව අදහස දක්වන්න