යහ­පා­ලන රජය සමඟ එක් වී උතුරේ ජන­තා­වට වැඩ කරන්න | දිනමිණ

යහ­පා­ලන රජය සමඟ එක් වී උතුරේ ජන­තා­වට වැඩ කරන්න

සුම­න්ති­රන් මහතා ඇතුළු දෙමළ සන්ධා­නයේ මන්ත්‍රී­ව­රුන්ට තමා ප්‍රමුඛ යහ­පා­ලන රජ­යට එකතු වී උතුරේ ජන­තා­වට සේව­යක් කිරී­මට ආරා­ධනා කරන බව මහ නගර හා බස්නා­හිර සංව­ර්ධන ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ පෙරේදා (21) යාප­නයේ ඉදි වන දුර ගමන් සේවා බස් නැව­තුම සහ පොදු බස් නැව­තුම නිරී­ක්‍ෂ­ණය කිරී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීය.

යාප­නය නග­ර­යත්, කිළි­නො­ච්චි­යත් අපේ අනා­ගත ජාතික භෞතික සැල­සුමේ එකම නාග­රික කලා­ප­යක් හැටි­යට දියුණු විය යුතුයි කියලා අපි විශ්වාස කර­නවා. ඒ පිළි­බ­ඳව ජන­තා­වත් සමඟ සංවා­ද­යක් අව­ශ්‍යයි. ඒ සඳහා අපි දැනට වෘත්තීය මට්ට­මින්, විද්වත් මට්ට­මින් අද­හස් ලබා­ගෙන තිබෙ­නවා.යාප­නය නග­ර­යත් උපාය මාර්ගික නග­ර­යක් ලෙස ගොඩ­න­ගන්න විදේ­ශීය ආධාර ඉල්ලී­මක් කළා. එම ආධාර අපට ලැබී තිබෙ­නවා. දැනට අපි ගාල්ල, මහ­නු­වර, අනු­රා­ධ­පු­රය සහ යාප­නය පම­ණයි කොළ­ඹින් පිටත උපාය මාර්ගික නගර ලෙස දියුණු කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඉදිරි කාලයේ දී අපි ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ල­පුව, මන්නා­රම, මුල­තිව් නග­රත් උපාය මාර්ගික නගර හැටි­යට දියුණු කරන්න විදේශ ආධාර ලබා­ගන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ මඟින් සාමාන්‍ය සංව­ර්ධ­න­යෙන් කරන්න බැරි ගැඹුරු නාග­රික වෙන­ස්කම් කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා. විශේ­ෂ­යෙන්ම ඒ උපාය මාර්ගික නගර ව්‍යාපෘ­තිය එක්ව එකට යන ආකා­ර­යට නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යත් යාප­නය නග­රයේ ගොඩ­නැ­ඟීම් කරන්න බලා­පො­රොත්තු වෙනවා. විශේ­ෂ­යෙන්ම වැසි ජලය බැස යන කාණු පද්ධ­තිය, මලා­ප­ව­හන පද්ධ­තිය, අද තිබෙන විශා­ලම ගැට­ලු­වක්. බස් නැව­තුම සංව­ර්ධ­නය, මාර්ග සංව­ර්ධ­නය වගේම වැසි ජල සංව­ර්ධ­නය සිදු කිරී­මට අපි බලා­පො­රොත්තු වෙනවා.

මම විදු­ලි­බල බල­ශක්ති ඇමැති වෙලා ඉන්න කාලේ යාප­නයේ ඉතා දුර්වල විදුලි සැප­යු­මක් තිබුණා. විදු­ලිය පැය 8ක් පම­ණයි තිබුණේ. ඒ වගේම අපේ බලා­ගාර හොඳ මට්ට­මක තිබුණේ නෑ. මම වසර 15කට පසු 2010 දී ලංකා විදුලි බල මණ්ඩ­ලය ලාභ­දායී ආය­ත­න­යක් කළා. එම ලාභ­යෙන් කළ එක ආයෝ­ජ­න­යක් ලෙස 'උතුරු ජනනී' නමින් යාප­න­යට වෙනම විදුලි බලා­ගා­ර­යක් චුන්නා­ගම් ප්‍රදේ­ශයේ ඉදි කළා. එම­ඟින් පුද්ග­ලික බලා­ගාර ගසා කෑ සෑහෙන මුද­ලක් ඉතිරි කර­ගන්න පුළු­වන් වුණා.

ඒ වගේම අපි වව්නි­යාව ප්‍රදේ­ශයේ සිට චුන්නා­ගම් දක්වා විදුලි පද්ධ­තිය ඉදි­කි­රීම කළා. 100%ක් යාප­න­යට විදු­ලිය ලබා දුන්නා. මේ වන විට මම හිතන්නේ යාප­න­යට විදුලි පිළි­බඳ ගැට­ලු­වක් නෑ. ඒ වගේම පුදු­මා­ත­ලන්, මන්නාම, මුල­තිව් ඇතුළු මුළු උතුරු පළා­ත­ටම විදු­ලිය ලබා දුන්නා. විදු­ලිය සේම ජලය ද අත්‍යා­ව­ශ්‍යයි. ඒ නිසා මේ විරෝධතා වෙනු­වට අපි සම­ඟි­යෙන් යාප­නයේ ජල ගැට­ලුව විස­ඳී­මට කැප­විය යුතුයි. නැති­නම් මේ නග­රය පව­ත්වා­ගෙන යා නොහැ­කියි. ජල සම්පා­දන මණ්ඩ­ල­යට ජන­තා­වගේ සහාය ලබා දුන්නොත් මේ නග­රය අපට ශක්ති­මත්ව ගොඩ­න­ඟන්න පුළු­වන්. ඒ වගේම යාප­නයේ සංස්කෘ­තික අන­න්‍ය­තාව වගේම ජන­තා­වගේ ආත්මා­භි­මා­නය නැංවෙන ආකා­ර­යට අපගේ නාග­රික සංව­ර්ධන කට­යුතු සිදු කර­නවා.

මේ නග­ර­යට ඉතාම අත්‍යා­වශ්‍ය දෙයක් ලෙස කසළ කළ­ම­නා­ක­ර­ණය හඳුන්වා දිය හැකියි. අද වන විට මේ නාග­රික සංව­ර්ධ­නය ඉදි­රි­යට ගෙන යෑමට විද්‍යා­ත්මක කසළ රඳ­ව­න­යක් අත්‍යා­ව­ශ්‍යයි. නමුත් බොහෝ දෙනෙක් විරෝ­ධතා පැවැ­ත්වු­වාට කසළ රඳ­වන අපි ගොඩ­නඟා ගන්නේ නැතිව නගර ගොඩ­න­ඟන්න බෑ. අනෙ­කුත් නාග­රික දේවල් පෞද්ග­ලික අංශත් ගොඩ­න­ඟයි.

නමුත් මේ මූලික කාරණා රජය විසින් ඉෂ්ට කළ යුතුයි. යාප­නයේ ප්‍රධාන දේශ­පා­ලන දහ­රාවේ අව­සා­න­යට ඇමැති කෙනෙක් හිටියේ තිරු­චෙ­ල්වම් ඇමැ­ති­ව­රයා. ඒ 1968 දී. වසර 50ක් මේ වන විට ගෙවී තිබෙ­නවා. විවිධ ඇමැ­ති­ව­රුන් හිටි­යත් ප්‍රධාන දේශ­පා­ලන දහ­රාවේ ඇමැති කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ අනු­ග්‍රා­හක දේශ­පා­ල­නය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්. ඒ. සුම­න්ති­රන්, යාප­නය ආණ්ඩු­කාර සුරේන් රඝ­වන් මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට සහ­භාගී වූහ.

නව අදහස දක්වන්න