වරාය ගැන තීරණ ගන්නේ රට-ජනතාව-සේවකයන් ගැන සිතායි | දිනමිණ

වරාය ගැන තීරණ ගන්නේ රට-ජනතාව-සේවකයන් ගැන සිතායි

ශ්‍රී ලංකා වරාය සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් තීරණ ගැනීමේ දී එහි සේව­ක­යන් රට හා ජන­තාව මූලික කර ගනි­මින් ඉතා වග­කී­මෙන් කට­යුතු කිරීම තම මූල­ධ­ර්මය බව වරාය නාවික හා දක්ෂිණ සංව­ර්ධණ ඇමැති සාගල රත්නා­යක මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ පෙරේදා (21) ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සහ වරාය, නාවික කටුතු හා දක්ෂිණ සංව­ර්ධන අමා­ත්‍යාං­ශය එක්ව ආරම්භ කළ news.slpa.lk වෙබ් අඩ­විය එළි­දැක් වු අව­ස්ථාවේ දීය.

අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­වි­යට අම­ත­රව පුවත් වෙබ් අඩ­වි­යක් ලෙස සාමාන්‍ය ජන­තා­වට තොර­තුරු දැන ගැනී­මට මෙය විවෘත විය. මෙසේ ජන­ගත කෙරුණු වෙබ් අඩ­වි­යෙන් වරාය හා සමු­ද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති, විශේ­ෂාංග සහ වරාය ආශ්‍රිත ලිපි ප්‍රවෘත්ති වටි­නා­ක­මින් යුතු, නිවැ­රැදි, විශ්වා­ස­නීය අයු­රින් ලබා දීමට පිය­වර ගැනේ.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීය.

අව­ස්ථාව සහ ස්ථාන අනුව සංව­ර්ධන ක්‍රියා­දා­ම­යට ගන්නා තීරණ වෙනස් විය හැකියි. නමුත් මගේ මූල­ධ­ර්මය වෙනස් නොකර මධ්‍ය­ස්ථව ක්‍රියා කර­නවා. ලෝකය සමඟ ගමන් කිරීමේ දී සංව­ර්ධ­නය ආපසු හැර­විය නොහැ­කියි. ප්‍රමා­දය සංව­ර්ධ­නය කඩා වැටී­මට හේතු­වක්.

ආණ්ඩුව ආරම්භ කර ඇති සියලු වරාය ව්‍යාපෘති, නව සංව­ර්ධන කට­යුතු, ජගත් නාවික හා සමු­ද්‍රීය දර්ශ­ක­වල කොළඹ වරාය සහ අනෙ­කුත් වරා­යන් ස්ථාන­ගත කිරීම, කොළඹ වරාය ලැබූ ගෝලීය ජය­ග්‍ර­හණ සම්බන්ධ සංව­ර්ධන ප්‍රවෘත්ති ආදිය පිළි­බ­ඳව රටේ සහ ඉන් පිටත සිටින වරාය හා සමු­ද්‍රීය ක්ෂේත්‍රයේ වෘත්ති­ක­යන්ට අවශ්‍ය දැනුම ලබා­ගැ­නීම පහසු කිරී­මට වේදි­කා­වක් නිර්මා­ණය කිරීම මේ news.slpa.lk වෙබ් අඩ­වියේ මුඛ්‍ය පර­මා­ර්ථ­යයි. එම ක්ෂේත්‍රයේ සංව­ර්ධන පුවත්, තොර­තුරු හුව­මාරු කර ගැනීම, දැනුම කළ­ම­නා­ක­ර­ණ­යට උත්ප්‍රේ­ර­ක­යක් ලෙස මේ වෙබ් අඩ­විය ක්‍රියා­ත්මක වෙනවා.

වරාය අධි­කා­රිය සංව­ර්ධ­නය කිරීමේ ජාතික සැල­සුම සම්බ­න්ධ­යෙන් අදාළ සියලු අංශ ප්‍රධා­නීන් සමඟ සාකච්ඡා කළා. එහි දී නැඟෙ­න­හිර පර්ය­න්තය යනු කොළඹ වරායේ එක් කොට­සක් පම­ණයි. මුළු වරාය සංව­ර්ධ­න­යට ආසි­යානු සංව­ර්ධන බැංකුව සමඟ එක්ව ක්‍රියා­ත්මක වීමට නිය­මි­තයි. සංව­ර්ධන සැල­සුම අනුව 2050 දක්වා වරායේ ඉදිරි කට­යුතු ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කළා. ඒ අනුව අදාළ සංව­ර්ධන ක්‍රියා­දා­මය සම්බ­න්ධ­යෙන් මූලි­කව යෝජනා කිහි­ප­යක් ඉදි­රි­පත් වුණා. 2050 වන විට පව­තින තත්ත්ව හා ඉල්ලුම අනුව සැල­සුම් ක්‍රියා­ත්මක කිරී­මත්, එම ප්‍රමා­ණ­යට වඩා ඉල්ලු­මක් ආවොත් ක්‍රියා­ත්මක වීම සම්බ­න්ධ­යෙ­නුත් එහි දී විවිධ ආකා­රයේ සංව­ර්ධන ක්‍රම­වේද ඉදි­රි­පත් වුණා.

කොළඹ වරායේ දකුණු ප්‍රධාන පර්යන්ත තුනක් දැන­ට­මත් ක්‍රියා­ත්ම­කයි. නැඟෙ­න­හිර පර්ය­න්තයේ තව­මත් කොට­සක් පම­ණයි සංව­ර්ධ­නය කර තිබෙන්නේ. එක් නැවක් නැවැ­ත්වී­මට එහි සංව­ර්ධ­නය වී තිබු­ණත් තවත් නැව් දෙකක් එක­වර නැවැ­ත්වී­මට හැකි ලෙස සංව­ර්ධ­නය කෙරෙ­නවා.

කොළඹ උතුරු වරායේ සංව­ර්ධන කට­යුතු තවම ආරම්භ කර නෑ. බට­හිර පර්ය­න්ත­යට හානි­යක් නොවන පරිදි දකුණු වරාය තාක්ෂ­ණික වශ­යෙන් තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරී­මට හැකි ආකා­රය සොයා බල­නවා. බට­හිර සහ බට­හිර පර්ය­න්තය කෙළ­වර කොටස ද වෙන් වශ­යෙන් සංව­ර්ධ­නය කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ සඳහා ප්‍රාග්ධ­නය යෙදී­මට හැකි ආකා­රය ගැන ද අප සාකච්ඡා කර­මින් යනවා. මේ සංව­ර්ධන ක්‍රියා­දා­මය සම්බන්ධ වාර්තාව ඉදි­රි­ප­ත්වී­මෙන් පසු ජනා­ධි­පති, අග­මැති සහ කැබි­නට් මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කර තීර­ණය කිරී­මට කට­යුතු කර­නවා.

වරාය අමා­ත්‍යාං­ශය සතු ඔළු­විල් වරාය වාණිජ ආකා­ර­යෙන් දියුණු කිරීම අසී­රුයි. එය ධීවර වරා­යක් ලෙස දියුණු කිරී­මට ධීවර අමා­ත්‍යාං­ශ­යට ලබා­දී­මට තීර­ණය කළා. කන්ක­ස­න්තුරේ වරාය සංව­ර්ධ­න­යට ඉන්දීය රජය ඩොලර් මිලි­යන 47ක් ලබා­දී­මට නිය­මි­තයි. එහි වාණිජ සහ නාවික කට­යුතු සංව­ර්ධ­නය කිරී­ම­ටත්, ඊට සම­ගා­මීව එම වරාය ආශ්‍රි­තව කර්මාන්ත පුර­යක් ස්ථාපිත කිරී­ම­ටත් තීර­ණය කර තිබෙ­නවා. ත්‍රිකු­ණා­මල වරාය සංව­ර්ධ­නය කිරී­මට ජපා­න­යෙන් යෙන් මිලි­ය­න­යක් ( රුපි­යල් බිලි­යන එක­හ­මා­ර­කට ආසන්න ප්‍රමා­ණ­යක්) ආධාර ලෙස ලබා­දී­මට යෝජි­තයි. එය රාත්‍රී කාලයේ ද ක්‍රියා­ත්මක වරා­යක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට තීර­ණය කර තිබෙ­නවා. ගාලු වරාය ද එවැ­නිම රාත්‍රී ක්‍රියා­ත්මක වරා­යක් ලෙස සංව­ර්ධ­නය කෙරෙ­නවා. හම්බ­න්තොට වරාය සම්බ­න්ධ­යෙන් මේ වන විට ක්‍රියා­ත්මක වීම ගැන කඩි­න­මින් සොයා බැලී­මට පිය­වර ගන්නවා.

මේ අනුව මෙරට වරාය සහ නාවික ක්ෂේත්‍රය ප්‍රති­ප­ත්ති­මය ලිහිල් කිරී­මක් සිදු කර තර­ග­කා­රී­ත්ව­යට මුහුණ දීමට හැකි වන ලෙස සංව­ර්ධ­නය කිරී­මට යෝජනා වී තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් වන යෝජනා ජනා­ධි­පති සහ අග­මැති සමඟ සාකච්ඡා කර කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව තීර­ණය කර­නවා. කෙසේ වුවත් මේ සම්බන්ධ තීන්දු තීර­ණ­ගැ­නීමේ දී වරාය සේව­ක­යන් රට සහ ජන­තාව මූලික කර­ගෙන කට­යුතු කරන බව ඉතා වග­කී­මෙන් කිව යුතු­මයි.

ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සඳහා වූ ප්‍රධාන වෙබ් අඩ­වි­යට අම­ත­රව මේ වෙබ් අඩ­විය අති­රේක වෙබ් අඩ­වි­යක් ලෙස සංව­ර්ධ­නය කර පව­ත්වා­ගෙන යෑමට තීර­ණය කර තිබෙ­නවා. මෙයින් පාසල් සහ විශ්ව­වි­ද්‍යාල දරු­වන්ට මෙරට නාවික සහ වරාය කට­යුතු සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලබා­ගැ­නී­ම­ටත්, විවිධ පර්යේ­ෂණ සඳහා කරුණු ලබා­ගැ­නී­ම­ටත්, සාමාන්‍ය ජන­තා­වට මෙරට වරාය අධි­කා­රිය හා අමා­ත්‍යාං­ශ­යෙන් සිදු වන සේවා සම්බ­න්ධ­යෙන් දැනු­වත් වීම­ටත් මේ වෙබ් අඩ­වි­යෙන් හැකි­යාව ලැබෙ­නවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය හා නාවික ක්ෂේත්‍රය පිළි­බඳ තොර­තුරු ජාත්‍ය­න්ත­ර­යට සහ රටේ ජන­තා­වට දැන­ගැ­නී­මට මේ වෙබ් අඩ­වි­යෙන් හැකි­යාව ලැබෙ­නවා. විශේ­ෂ­යෙන් ජාත්‍ය­න්තර වෙළෙ­ඳාම ප්‍රව­ර්ධ­නය කිරීමේ කට­යුතු, සංව­ර්ධ­න­යට වරා­යෙන් ලැබෙන දාය­ක­ත්වය, ඒ අනුව ලබා ඇති ජය­ග්‍ර­හණ රටේ ජන­තා­වට දැන­ගැ­නී­මට හැකි­යාව තිබෙ­නවා. වරාය හා නාවික ක්ෂේත්‍රයේ ඉති­හා­සය, සංව­ර්ධ­නය සහ අනා­ගත සැල­සුම් සම්බන්ධ තොර­තුරු සියල්ල මේ වෙබ් අඩ­වි­යෙන් ලබා­ගැ­නීමේ හැකි­යාව තිබෙ­නවා.

වරාය, නාවික සහ දක්ෂිණ සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය පරා­ක්‍රම දිසා­නාක මහතා ද මෙහි දී අද­හස් දැක් වීය. ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ සභා­පති කාවන් රත්නා­යක, කළ­ම­ණා­කාර අධ්‍යක්ෂ කපි­තාන් අතුල හේවා­වි­තා­රණ මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

චන්ද්‍රිකා පෙරේරා සහ තරුෂි බෝපෙ­ආ­රච්චි
ඡායා­රූ­පය -විමල් කරු­ණා­ති­ලක

 

නව අදහස දක්වන්න