ආසාවට කළ ෆෝන් හොරකම | දිනමිණ

ආසාවට කළ ෆෝන් හොරකම

මුන්දලම විල්පත ප්‍රදේශයෙහි පසුගිය (31) දා දුරකතන සේවා හලකින් ජංගම දුරකතන හතරක් සොරා ගත් තරුණයන් දෙදෙනෙක් පෙරේදා ( 21)දා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 17 වන වියේ පසුවන විල්පත ගල්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

දුරකතන සේවා හලේ හිමිකරුගේ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කළ පරික්ෂණ වල දී එම ප්‍රදේශයේ පදිංචි තරුණයකු සන්තකයේ ජංගම දුරකතන දෙකක් ඇතැයි ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරු අනෙක් තරුණයාද අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට තිබූ කැමැත්ත නිසා මෙසේ ජංගම දුරකතන හතර සොරා ගත් බව සැකකරුවන් පොලිසිට පාපෝච්චාරණය කර ඇත.

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි අබේරත්න සැරයන් කපුරු බණ්ඩා 54933 හා සරත් 20701 කොස්තාපල්වරුන් වන රත්න කුමාර 60225 හා විජේබණ්ඩාර 772430 යන මහත්වරුන් මෙම වැටලීම සිදු කර ඇත.

මුන්නේශ්වරම සමුහ

නව අදහස දක්වන්න