නිරිත දිග කොටසේ වැස්ස වැඩි වන ලකුණු | දිනමිණ

නිරිත දිග කොටසේ වැස්ස වැඩි වන ලකුණු

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(26) සහ හෙට(27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
එහිදී විශේෂයෙන් දකුණු හා සබරගමුව පළාත්වල මෙම තත්ත්වය ඇති විය හැකිය.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.
 
රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකිය.
 
මඩකලපුව, අම්පාර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සදහන් වේ.

නව අදහස දක්වන්න