ගුරුතුමිය දුන් දෙවියන්ගේ අංකය - 786 | දිනමිණ

ගුරුතුමිය දුන් දෙවියන්ගේ අංකය - 786

මාර්තු 1 වැනිදා බොලිවුඩ් සිනමා ප‍ට තුනක් තරග වදියි

සන්චිරියා, ලුකා චිප්පි සහ හමිඩ් බොලිවුඩ් සිනමා පට තුනම තිරගත වන්නේ මාර්තු 1 වැනි දිනය. මූම්බායි සිනමා උළෙලේදී පූර්ව සිනමා දර්ශනය පැවැත්වුණු හමිඩ් සිනමා පටය රාජස්ථාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට (අයිජාස් ඛාන්) සහ හොඳම නිළියට (රසිකා දුගාල්) හිමි සම්මාන දිනා ගන්නා ලදී. හමිඩ් යනු පියා අතුරුදන්වූ අට හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහුගේ මව දක්වන අවධානය අඩුකම නිසා හුදෙකලා වන ඔහු නිතරම සිහින මවන්නේ පියා මුණ ගැසීමටයි. අංක 786 සැම විටම හමිඩ්ගේ සිත වියවුල් කරයි.

දිනක් ගුරුතුමිය මේ අංකය දෙවියන්ගේ අංකයක් බව හමිඩ්ට පවසයි. පියාගේ පැරණි ජංගම දුරකථනයෙන් ඔහු 786 අමතන අතර දිනක් ඔහුට පිළිතුරක් ලැබෙයි. මේ දුරකථන ඇමතුම ලබන අබේගේ සහ දුරකථන ඇමතුම දෙන හමිඩ්ගේ ජීවිත වඩා යහපත් වන අන්දම සිනමා පටයෙන් දැක්වෙයි. හමිඩ් ලෙස තල්හා අර්ෂාඩ් රෙෂි, අබේ ලෙස විකාස් කුමාර් චරිත නිරූපණය කරති.

ලුකා චුපි ප්‍රේමය මුසු ප්‍රහසනයකි. ලුකා චුප්පිහි ගුඩ්ඩු (විනෝද්) රූපවාහිනී නාළිකාවක වාර්තාකරුවකු වන අතර ඔහුට අවශ්‍ය මුරණ්ඩු තරුණියක වන රශ්මි සමඟ විවාහ වීමටය. එහෙත් දෙදෙනාගේම සාම්ප්‍රදායික පවුල් මේ දෙදෙනාගේ ජීවිතවලට මැදිහත් වෙයි. ගුඩ්ඩු චරිතයට පණ දෙන්නේ කර්තික් ආර්යන්ය. රශ්මි ලෙස ක්‍රිති සැනොන් රඟන්නීය. සිනමා පටයේ අධ්‍යක්ෂණය ලක්ෂ්මන් උතෙකාර්ගෙනි.

සන්චිරියා හෙවත් චිරියාවේ පුතු යන අරුත රැගත් සන්චිරියා සිනමා පටයෙන් 1975 ජීවත්වූ මැර කල්ලි කිහිපයක් බලය සඳහා කරන අරගලයේ කතාව ගෙනහැර දක්වයි. අභිෂේක් චෝබේගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සුෂාන්ත් සිං රාජ්පුට්, භූමි පෙද්නෙකර්, මනෝජ් බජ්පායී ප්‍රධාන චරිත නිරූපණය කරති.

චමිපිකා දීපානී රණසිංහ

නව අදහස දක්වන්න