රත්ගම සිද්ධියේ 05කට විදෙස් ගමන් තහනම් | දිනමිණ

රත්ගම සිද්ධියේ 05කට විදෙස් ගමන් තහනම්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනාට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

ඒ ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගේ නියෝගකට අනුවයි.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කළ බවට පැවසෙන අක්මීමන ප්‍රදේශයේ නිවසේ තිබී හමුවූ ලේ සාම්පල ඇතුළු නඩු භාණ්ඩ 07 ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්තගේ ජංගම දුරකථනය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම ලෙසට ද නියම කර ඇත.

ඔහු සහ එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක මාර්තු මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

නව අදහස දක්වන්න