“නිහැඬියාවේ හඬ” සමරුම අනිද්දා | දිනමිණ

“නිහැඬියාවේ හඬ” සමරුම අනිද්දා

“නිහැඬියාවේ හඬ” අභිමානවත් රණවිරු සමරු උත්සවය, 2019 මාර්තු මස 03 වන දින පෙරවරු 08.30 ට විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතයි.

ඒ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයකට අනුවයි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා මෙම උත්සවය සංවිධානය කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ පූර්ණ මඟ පෙන්වීම මත මෙම අවස්ථාව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පැවසුවේ.

 

 

නව අදහස දක්වන්න