ගෞරව නාම ලබති | දිනමිණ

ගෞරව නාම ලබති

බිංගිරිය විලත්තව සිරි ධම්මරතන කලා සංසදයේ නිර්මාතෘ හා සභාපති විලත්තව ධම්මරතන හිමියන් විසින් කරනු කබන ශාසනික හා සාමාජීය මෙහෙවර අගය කරමින් උන්වහන්සේට සමස්ත ලංකා දහම් සිසිල පදනම විසින් "ශාසන කීර්ති ශ්‍රි කාව්‍ය විශාරද පණ්ඩිත" ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමා තිබේ.

බිංගිරිය මධ්‍යම සමූහ- ඒ.එම්.සරත් කුමාර

*****************

ධර්ම ‍ෙද්ශනයක්

දුම්මලසූරිය, ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති,බිබිලදෙණිය මලියදේව මහා පිරිවෙන් පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත,දේවහන්දියේ සද්ධානන්ද හිමිගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන්, විචිත්‍ර ධර්ම කථික රදාවඩුන්නේ ඥාණවිමල හිමිගේ සුමධුර ධර්ම දේශනාවක් මාර්තු 11 වැනි දින සවස 4.00 ට විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙන අතර සුනන්දාරාම දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එක්ව සංවිධානය කරති.

මාදම්පා සමූහ

 


නව අදහස දක්වන්න