ජාලියගේ නඩු කටයුත්ත කඩිනම් කෙරේ | දිනමිණ

ජාලියගේ නඩු කටයුත්ත කඩිනම් කෙරේ

(සුභාෂිණී සේනානායක)
 
රජයේ මුදල් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ,විශ්වාසය කඩ කිරීම ,ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර හා අනුබල දීම යන වරදවල් යටතේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොදු දේපල හා මුදල් විශුද්ධිකරණ පනත් යටතේ  චෝදනා ගොනු කර ඇති හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය යන අයට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කර නිතිපතිවරයාගේ උපදෙස් සඳහා නඩු ගොනුව යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(06) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
 
ඇප මත සිටින ජාලිය වික්‍රමසූරිය මහතාගේ මහතා  ඔහු විදේශ ගත වන අවස්ථාවේ ඇප තැබූ ඔහුගේ බිරිඳ සහ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
 
ඇසේ පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා ගොස් සිටින සැකකරු විදේශ ගත වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ අපහසුතාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට කරුණු  ඉදිරිපත් කළේය.
 
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අවසරය ලබාගෙන මාස දෙකක කාලයක් සඳහා විදෙස් ගත වූ සැකකරු නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
 
අක්ෂි රෝග තත්ත්වයයක් සම්බන්ධ යෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකාවේ ජොජියා ප්‍රාන්තයට ගොස් ඇති අතර සැකකරු අද අධිකරණ යෙ පෙනී සිටියේ නැත.
 
සිද්ධියට අදාළව නඩුව ලබන අප්‍රේල් මස 03 වනදා නැවත කැදවන්නැයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
 

නව අදහස දක්වන්න