ස්වදේශී කොහොඹ කෑරගල රජමහ විහාරය ආලෝකවත් කරයි | දිනමිණ

ස්වදේශී කොහොඹ කෑරගල රජමහ විහාරය ආලෝකවත් කරයි

ශාකසාර සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ශී‍්‍ර ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වන කෑරගල රජමහ විහාරය පස්වන වරටත් පසුගිය දා ආලෝකමත් කෙරුණි. මේ ආලෝක පූජාව එම සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මියගේ සංකල්පයක් මත ඇරැඹුණු ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ යටතේ පවත්වනු ලබන්නකි.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පිහිටි කෑරගල රජමහ විහාරය දඹදෙණි යුගයේ දී විජයබාහු රජු විසින් 13 වැනි සියවසේ දී තනවන ලද්දකි. එමෙන්ම එය 15 වැනි සියවසේදී සයවැනි පරාක‍්‍රමබාහු රජු විසින් වනවාසී භික්ෂූන් වහන්සේ උදෙසා කෑරගල රජමහ විහාරයට අනුයුක්ත පද්මාවතී පිරිවෙන ආරම්භ කරන ලදී.

කෑරගල රජමහ විහාරයේ පැවැති ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය පිළිබඳ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මහත්මිය පැවැසුවේ, ආලෝක පූජා සත්කාරය තුළින් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික හා සාම්ප‍්‍රදායික උරුමයන් හා සාරධර්ම රැක ගැනීම දේශීය සමාගමක් වන ස්වදේශී සමාගමේ යුතුකමක් වන බවය. තම සමාගම විසින් මෙලෙස පූජනීය ස්ථාන ආලෝකමත් කරන්නේ මේ ස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසුවෙන් කර ගැනීමට හා දේශීය උරුමයන් රැක ගැනීමේ වැදගත්කම මතු පරපුරට වටහාදීම උදෙසා බවත්ය.

2013 වසරේ දී දඹදෙණිය ආලෝක පූජා සත්කාරයට සමගාමීව කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මිය විසින් දඹදෙණිය ශ‍්‍රී දළදා මන්දිරය හා එහි බිතු සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඉපැරැණි ස්වරූපයෙන්ම ප‍්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරනු ලැබීය.

නව අදහස දක්වන්න