මත්ද්‍රව්‍ය ගැන පොලිස් මූලස්ථානයට කියන්න | දිනමිණ

මත්ද්‍රව්‍ය ගැන පොලිස් මූලස්ථානයට කියන්න

මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ, පැය 24 පුරා එම සේවාව ක්‍රියාත්මක බවයි.

ඒ අනුව 011 -3 – 024 820, 011- 3 – 024 848, 011 -3 -024 850 අංකවලට නීති විරෝධි මධ්‍යසාර පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.

දිවයින පුරා ව්‍යාප්තව ඇති මධ්‍යසාර ජාවාරම මැඩලීම සඳහා ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දුරකතන අංක හඳුන්වාදී ඇති බව ද සදහන්.


නව අදහස දක්වන්න