සා.මරියා-ජෝශප් වාස් සහෝදරයන්ගේ සටන අද | දිනමිණ

සා.මරියා-ජෝශප් වාස් සහෝදරයන්ගේ සටන අද

සා.ජෝශප්වාස් විදුහල් පිල: ඉදිරි පෙළ - නවෝද් පිරිස් (නායක), තරංග ලියනපතිරණ (පුහුණුකරු), ගැමුණු කුමාර ප්‍රනාන්දු (නි.විදුහල්පති), ප්‍රියංජිත් ගුණරත්න පියතුමා (විදුහල්පති), නන්දන තිසේරා (ක්‍රීඩා භාරකරු), යොහාන් අනුරුද්ධ (උප නායක), මැද පෙළ - ධනුක නිර්මාල්, විශ්වා රාජපක්ෂ, ඔනෙල් ඉලංගසේකර, යොහාන් මධුවන්ත, ඩියාන් පතිරණ, අශේන් තමෙල්, දිනිත් ප්‍රනාන්දු, නෙත්මාල් ද සොයිසා, පසු පෙළ - පැට්රික් දේශාන්, නිපුන් ධනංජය, කනිෂ්ක ගමගේ, උමේශ් බණ්ඩාර, ශෝන් රුද්‍රිගු, ගයාෂ ප්‍රනාන්දු, අවිදු ෂෙහාර

හලාවත සාන්ත මරියා පිරිමි විදුහල සහ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් පිරිමි විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන සහෝදරයන්ගේ සටන 10 වැනි එක්දින ක්‍රිකට් තරගය අද (8) හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩා පිටියේ පැවැත්වේ.

මෙතෙක් පැවැති තරග අතුරින් හතක ජය ‍ජෝශප්වාස් විදුහල හිමිකරගෙන ඇති අතර එක් තරගයක ජය සාන්ත මරියාවන් සතුව තිබේ. පරාජයෙන් තොරව තරගයක් නිමාවට පත්ව ඇත.

වයඹ පළාත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටින නවො‍ද් පීරිස් මෙවර සාන්ත ජෝශප් වාස් විදුහල් පිලේ නායකත්වය දරණ අතර ෂෙහාන් අනුරුද්ධ උප නායකයායි. ජාතික යොවුන් ක්‍රිකට් පිලේ නායකත්වය දරණ නිපුන ධනංජය සහ අවිදු ෂෙහාර මේ කණ්ඩායම ශක්තිමත් කරති.

සාන්ත මරියා පිලේ නායකත්වය දරනුයේ එච්.ඒ.චාරුක තරිදුය.

මුන්නේශ්වරම සමුහ
ඊ.සී.ප්‍රනාන්දු

නව අදහස දක්වන්න