ඉංග්‍රීසි රස කළ ගුරුතුමී | දිනමිණ

ඉංග්‍රීසි රස කළ ගුරුතුමී

ඉංග්‍රීසි භාෂාව ඉතාම ශීඝ්‍රයෙන් සිසු දරු දැරියන් විසින් ඉතා අකාර්යක්ෂමව හා මන්දෝත්සාහයෙන් යුක්තව ප්‍රතික්ෂේපිත විෂයයක් වශයෙන් පවතින වාතාවරණයකදී පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි ගුරු භවතුන්ට මෙන්ම දරු දැරියන්ට ද Òනව පණක්Ó හෙවත් උනන්දුවක් ඇතිකරවන ඉතා සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට නව ක්‍රමවේදයක් සොයාගත් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආචාරිනී ධම්මිකා ඕවිටිගල මහත්මියට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පති මාලනී සමරකෝන් මහත්මියගේද නොමඳ සහාය හා උපදෙස් ඇතිව එම විදුහලේ ප්‍රාථමික අංශයේ දැරියනට නොබියව හා ආශා‍ෙවන් යුක්තව ඉංග්‍රීසි බසින් කතා කරවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇතිකරවූ ÒTask ChamberÓ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කාමරය සැබැවින්ම ඉතාම ඵලදායී නවතම නිර්මාණයක් යයි මම සිතමි.

කළුතර අධ්‍යාපන කලාපයේ බොහෝ පාසල්වල 9, 10, 11, 12, 13 ශ්‍රේණිවල දරු දැරියන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතාම දුර්වල හා අසාර්ථක මට්ටමක පවතින අතර ජාතික පාසල්වල පවා බොහෝ සිසු සිසුවියන් ඉංග්‍රීසි ඉගැනීමට දක්වනුයේ ඉතාම අඩු හා කනගාටුදායක උනන්දුවකි. එවැනි අසාර්ථක ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන තත්ත්වයක් මැද පිළියන්දල කලාපයේ ජාතික පාසලක නිර්මාණශීලී දක්ෂ ගුරු භවතෙකු විසින් දරු දැරියන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ගන්නා ලද අපරිමිත උත්සාහය මේ රටේ සියලුම අධ්‍යාපන බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ මෙන්ම රටේ ඉහළම නායකත්වයේ සිටින අතිගරු ජනාධිපතිතුමා ද, අගමැතිතුමා ද අගය කළ යුතු ශ්‍රේෂ්ඨ උත්සාහයක් බැව් සඳහන් කළ යුතුය.

මොරටුව වේල්ස් කුමරි විදුහල් ඉංග්‍රීසි ආචාරිනී ධම්මිකා ඕවිටිගල මහත්මියගේ නවතම නිර්මාණය හා උත්සාහවත් වැඩපිළිවෙළ මේ රටේ ඉංග්‍රීසි උගන්වන සියලුම ගුරු භවතුන්ට මෙන්ම ඉංග්‍රීසියෙන් මහ හයියෙන් කෑ මොර ගහමින් නානාප්‍රකාර Spoken English Classes පවත්වන ගුරු භවතුන්ට ද ආදර්ශයක් කරගත යුතු වැඩසටහනක් විය යුතු බව ද අවසන සඳහන් කරමි.

එච්. එල්. සුනිල් ශාන්ත
කළුතර

නව අදහස දක්වන්න