අරණායක හබලක්කාව ගමේ මාතෘ සායනය කැලෑවට | දිනමිණ

අරණායක හබලක්කාව ගමේ මාතෘ සායනය කැලෑවට

අරණායක මැතිවරණ කොට්ඨාසයට අයත් හබලක්කාව වසමේ ඇති මාතෘ සායන මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති අතර එහි ඇති තවත් වසර ගණනාවක් ප්‍රයෝජනයට ගත හැකි සම්පත් රැසක් මේ වන විට විනාශ වෙමින් පවතින බව ප්‍රාදේශවාසීහු කියති. දැනට මේ සෞඛ්‍ය මධ්‍යස්ථානය සියලු පහසුකම්වලින් සමන්විත වන අතර මේ සම්බන්ධයෙන් වගකිව යුත්තෙකුගේ අවදානය යොමු නොකිරිමෙන් දැනට එම මධ්‍යස්ථානයේ ඉදිරිපස දොරටුව නිරන්තරයෙන්ම විවෘතව පවතින අතර ඇතැමුන් මේ ස්ථානය විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගන්නා බවද කියති.

මෙහි ඇතුළත බිත්ති, වැසිකිළිය මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වහලයට මෙන්ම සිවිලිමටද හානි සිදු ව ඇත. විදුලි බලය මෙන්ම පානීය ජලය ලබා ගැනිමට ළිඳක් පවා මෙහි ඇත. ජනතාව පවසන්නේ මේ ස්ථානය තව දුරටත් විනාශ වීමට ඉඩ නොදි එය වෙනත් කටයුත්තක් වෙනුවෙන් හෝ යොදා ගන්නවා නම් එය ඉතා වටිනා බවයි. මෙහි කිසිදු සේවාවක් දැනට නොපැවැත්විම හේතුවෙන් ගම්මානයේ ජනතාව තල්ගස්පිටිය මුස්ලිම් ගම්මානයේ පවතින සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් සිය සේවාවන් ලබා ගන්නා බවද ජනතාව කියති.

මාවනැල්ල විශේෂ
සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න