අගමැතිගේ ජන්ම දිනයට හම්බන්තොට තෙල් පිරිපහදුවේ සහ සිමෙන්ති කම්හලේ වැඩ අරඹනවා | දිනමිණ

අගමැතිගේ ජන්ම දිනයට හම්බන්තොට තෙල් පිරිපහදුවේ සහ සිමෙන්ති කම්හලේ වැඩ අරඹනවා

උපාලි කරුණාරත්න

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන මේ 24 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරිමට නියමිත තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවට සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබා වැඩ ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කාති කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය ප්‍රදේශයේ ඉදිකළ සැනසිලිගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

මෙම සුවිශාල ව්‍යාපෘති ආරම්භ කිරීම මඟින් ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ, තරුණියන්ට විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා හිමිවන බව කී ඇමැතිවරයා ඔවුන්ට රැකියා අවස්ථා හිමිවීම හරහා රටේ ආර්ථිකයට විශාල ශක්තියක් එක්වන බවද කීය.

පසුගිය පාලන සමයේදී මේ ව්‍යාපෘති දෙක පිළිබඳව වචනයට සීමා වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දර්ශණයෙන් සහ මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් වත්මන් රජය මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අදහස් 1ක් ඇත

They think that the country belongs to them. Why cannot open it quickly and start earning revenue early. Still these idiots think these properties belongs to their masters. What a shame!

නව අදහස දක්වන්න