කාන්තාවන් පමණක් රැගත් ෂටලයක් අභ්‍යාවකාශයට | දිනමිණ

කාන්තාවන් පමණක් රැගත් ෂටලයක් අභ්‍යාවකාශයට

ලොව පළමු වරට කාන්තාවන් පමණක් රැගත් ෂටලය එළැඹෙන 29 වෙනිදා අභ්‍යාවකාශ ගත කිරිමට සැලසුම් කර ඇති බව  නාසා ආයතනය පවසයි.
 
එය නාසා ආයතනය ආරම්භ කළ කාන්තාවන් අභ්‍යාවකාශ ගත කිරීමේ වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සැළකේ.  අයදුම්පත් 6100 කින් මෙම චාරිකාවට සඳහා කි‍්‍රස්ටිනා හැමොක් සහ ඈන් මැක්ලේන් කෝරා ගෙන ඇති බව සඳහන් වේ. 
 
අවසන් වරට නාසා ආයතනය කාන්තාවක් අභ්‍යාවකාශගත කර ඇත්තේ වසර 36 කට පෙරය. ඒ සැලි රයිඩ් නැමැති ඇමරිකා ජාතික කාන්තාවයි. පළමු වරට කාන්තාවක් අභ්‍යාවකාශගත වුණේ මීට වසර 35 කට පෙර වන අතර නාසා ආයතන වාර්තා වලට අනුව කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට අභ්‍යාවකාශ ගතව තිබේ. ඒ අතරින්  වැඩිම පිරිස ඇමරිකානු  ජාතිකයන් වීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න