‘කැවුමා‘ සැඟව සිටි නිවසෙන් වැදගත් සාක්ෂියක් හමුවෙයි | දිනමිණ

‘කැවුමා‘ සැඟව සිටි නිවසෙන් වැදගත් සාක්ෂියක් හමුවෙයි

දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගැණුනු කැළුම් ඉන්දික සම්පත් නොහොත් 'කැවුමා' නමැති අපරාධ කල්ලි සාමාජිකයා සැඟව සිටි නිවසේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177කට වැඩි බව මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පවසයි
 
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙන් ඊයේ (11) මෙම හෙරොයින් තොගය සොයා ගැණුනි. 
 
මීට පෙර එම හෙරොයින් තොගයේ බර වාර්තා වූයේ කිලෝ 150ක් ලෙසය. 
 
අදාළ හෙරොයින් තොගයේ බර ඊයේ රාත්‍රියේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් යළි පරික‍්‍ෂා කර ඇති අතර ඒ අනුව එහි බර කිලෝ ග්‍රෑම් 177 ග්‍රෑම් 464ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
මේ අතර 'කැවුමා' සැඟව සිටි මෙම නිවසේ තිබී මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් ඇතුළත් සී.ඩී.තැටියක් ද සොයාගෙන තිබේ.
 
මෙම හෙරොයින් තොගයට අමතරව T – 56 උණ්ඩ 3000ක් සමඟ පිස්තෝලයක් හා සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට පත්විය.
 

නව අදහස දක්වන්න