අපට අවශ්‍ය ජනතාවට වැඩකරන අය මිස පම්පෝරිකාරයන් නොවේ | දිනමිණ

අපට අවශ්‍ය ජනතාවට වැඩකරන අය මිස පම්පෝරිකාරයන් නොවේ

එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද? නිවැරදි කළ යුතු තැන් තිබෙනවාද?, බලන්න තමයි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සඳහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි” යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (10) පෙරවරුවේ “සිරිකොත ගමට” කළුතර දිස්ත්‍රික් ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

සිරිකොත ගමට වැඩසටහන ‍ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී සංවිධානය කර තිබිණි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් විසින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි ගෙන්ගෙට යමින්, ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලුවලට ඇහුම්කන් දෙමින් ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කළහ. ඊයේ දවස පුරා කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් පැවති මේ ප්‍රවර්ධන වැඩසටහනේදී විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම මෙහිදී සිදුවූ වැදගත් සිදුවීමකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කරුණානායක මහතා -

‍ෙම් ආකාරයෙන් අපි ගෙන්ගෙට ගිහින් ජනතාව සමඟ සාකච්ඡා කරන්න තීරණය ක‍ෙළ් ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ගැටලු හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. ජනතාව සමඟ තිබෙන බැඳියාව. ඒ තුළින් තමයි අපේ පක්ෂය ඉදිරියට යන්නෙ යැයි පැවැසීය.

නව අදහස දක්වන්න