අමුතු පොල් ගසක් | දිනමිණ

අමුතු පොල් ගසක්

සාමාන්‍යයෙන් පොල් ගසක ගෙඩි හටගන්නවාට වඩා වෙනස් අන්දමට ගෙඩි හටගන්නා පොල් ගසක් ගිනිගත්හේන ප්‍රදේශයට අයත් හත්ලාහ අසල තලගල්පොත්ත ගම්මානයේ පදිංචි ඒ.ජී. අනුරරත්න මහතාගේ ගෙවත්තේ දැකිය හැක.

දැනට වසර කීපයකට පමණ ඉහතදී තමන් විසින් සිය ගෙවත්තේ සිටුවන ලද පොල් පැළයක් අද තරමක ගසක් ලෙසින් වැඩී තිබෙන අතර එම ගසේ විශේෂත්වය වන්නේ අතු දිග පොල් මල් සෑදී ඒවායේ හට ගන්නා පොල් ඇටි ලොකුවු පසු ඒවා පොල් වලු වශයෙන් එල්ලී තිබීම බව අනුරරත්න මහතා පවසයි.

මෙවැනි පොල් ගසක් තමන් දුටුවේද ප්‍රථම වතාවට බවත් එම අපුරු පොල්ගස නැරඹීම සඳහා

බොහෝ දෙනා පැමිණෙන බව ඒ මහතාගේ බිරිය වන එච්.එම්.වසන්ති කුමාරි මහත්මිය සඳහන් කළාය.

එම පොල් ගසේ අත්තක් මත දිගට හටගත් පොල් මලකින් පොල් ඇටි පේළියක් සෑදීඇති අයුරු හා වසන්ති කුමාරි මහත්මිය එසේ සෑදී ඇති පොල් වල්ලක් පෙන්වන අයුරු .

සටහන හා ඡායාරූප - ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන

නව අදහස දක්වන්න