බ්‍රසීලයේ ගංවතුර හේතුවෙන් 11ක් මරුට | දිනමිණ

බ්‍රසීලයේ ගංවතුර හේතුවෙන් 11ක් මරුට

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හි ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් ඇත.
 
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පස් දෙනකු නායයාම් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති අතර දුම්රිය ස්ථාන දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවය.
 
එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ වර්ෂාව තව දින කිහිපයකට පවතින බවය. ප්‍රදේශයේ ගමනාගමනය ද ඇණහිට ඇත.
 

නව අදහස දක්වන්න