ප්‍රියංකාට හැදුණු කටකතාවට මවගෙන් පිළිතුරක් | දිනමිණ

ප්‍රියංකාට හැදුණු කටකතාවට මවගෙන් පිළිතුරක්

නික් ජොනාස් සමඟ තෙමසකට පෙර යුගදිවි ගමන් ඇරැඹූ ප්‍රියංකා චොප්රා ආපසු ඔහු සමඟ ඇමරිකාවේ සිට මවුරටට පැමිණියා.

ඒ, තම බාල සොහොයුරු සිද්ධාර්ත් සහ ඔහුගේ මනාලිය, ඉෂිටාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගි වෙන්නයි.

ඒ සමඟම, විවාහ මංගල උත්සවයට කලින් පැවැත්වූ ‘රොකා’ උත්සවයටද නික් සහ ප්‍රියංකා එක්වූවා. ප්‍රියංකා, නික් සමඟ එක්වී නව යුවළට සුබ පැතුම් ද එක්කර තිබුණා.

මවුරටට පැමිණෙන්නට පෙර ප්‍රියංකා ගැන කට කතාවකුත් පැතිරී ගොස් තිබුණා. එලෙස ළැව් ගින්නක් සේ පැතිර ගියේ ප්‍රියංකා දරු සුරතල් බලන්න සූදානම් වෙනවාය කියන ආරංචියයි.

මේ ගැන තවත් කට කතා ගෙතෙමින් යද්දී එයට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රියංකාගේ මව, මධු චොප්රා මහත්මියයි.

ඇය කීවේ පසුගියදා පැවැති ‘නිව්යෝක් මෝස්තර සතියට’ සහභාගි වූ ප්‍රියංකාගේ ඡායාරූපයක් මේ බොරු ආරංචියට මුල් වූ බවයි.

“ඔය පින්තූරය අරගෙන තිබුණේ වැරදි කෝණයකින්. ප්‍රියංකාගෙ ඇඳුමක ලස්සන පෙන්නන්න ගිහින් එයාව වැරදි විදිහට හුඟ දෙනෙකුට පෙනිලා.

මේ අය දැකල තියෙන්නෙ ප්‍රියංකාට දරුවෙක් ලැබෙන්න ඉන්නව වගේලු.” ආරංචියෙහි අසත්‍ය බව පහදමින් ප්‍රියංකා‍ ගේ මව එලෙස කියා සිටියා.

නව අදහස දක්වන්න