තලවකැලේ නගරාධිපති 6ක් සමඟ එජාපයට | දිනමිණ

තලවකැලේ නගරාධිපති 6ක් සමඟ එජාපයට

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කැර තලවකැලේ නගර සභාවේ බලය තහවුරු කරගත් අශෝක සේපාල නගරාධිපතිවරයා ඇතුළු හයදෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයට ඊයේ (12) එක්වූහ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අශෝක සේපාල මහතා ඇතුළු මන්ත්‍රීවරු සාමාජිකත්වය ලබාගැනීම සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිදුවන්නේ පවුල් දේශපාලනයක් බවත් අංකුර නැගී එන නායකයින්ට එම පක්ෂ තුළ ඉඩක් නොමැති බව ළිදුල නගරාධිපති අශෝක සේපාල මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේ ද කීය.

මා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය කෙළේ. 2015 සිට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් සිටියා. නමුත් පළාත් සභා මැතිවරණයේදී අපට පොදුජන පෙරමුණින් අවස්ථාව නොලැබුණා. ඒ නිසා ස්වාධීනව තරග කරලා නගරාධිපති වුණේ. එක්සත් ජාතික පක්ෂය හැර ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණේ තියෙන්නේ පවුල් දේශපාලනයක්. ඒ නිසා අපි ‍වගේ නැගීගෙන එන අංකුර අයට එහි ඉඩක් නැහැ. සෑම පක්ෂයක්ම තරග කරද්දි තමයි අපි මේ ජයග්‍රහණය කෙළේ. ඒ ජයග්‍රහණය කරලා පොදුජන පෙරමුණට එක්වන්න ගියවිට එහි දිස්ත්‍රික් නායකත්වය අපට කැමැති වුණේ නැහැ. එජාප සංවිධායක නවීන් දිසානායක ඇමැතිවරයා අපට විශාල මුදලක් සංවර්ධනය සඳහා ලබා දුන්නා.

නව අදහස දක්වන්න