රත්නපුර හෙන්යාය- සිංගප්පුලි මාර්ගය කොන්ක්‍රීට් කරයි | දිනමිණ

රත්නපුර හෙන්යාය- සිංගප්පුලි මාර්ගය කොන්ක්‍රීට් කරයි

ගම්පෙරළිය සංවර්ධන වැඩ සටහන යටතේ රත්නපුර හෙන්යාය ගම්මානයේ සිට සිංගප්පුලි ගම්මානය දක්වා මාර්ගයේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කිරීම පසුගිය දා (10) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම මාර්ගය ඔස්සේ දෛනිකව 500ක පමණ ජනතාවක් ගමනාගමනයේ යෙදෙති. එහෙත් මේ වන විට මෙම මාර්ගය ගමන් කළ නොහැකි තරම් අබලන්ව තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන මෙම සංවර්ධන වැඩ සටහන යටතේ මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධන කිරීමට අපේක්ෂීත යි. ඒ සදහා රුපියල් ලක්ෂ 10 වෙන් කොට ඇත.

මීට පෙරද මෙම මාර්ගයේ බෝක්කු පද්ධතිය සකස් කිරීමට හා එම මාර්ගය පුළුල් කිරීම සදහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ මුලිකත්වයෙන් පියවර ගත්තේ ය.

 

නව අදහස දක්වන්න