රුපියල් මිලියන 1000 ක වියදමින් උ/නැ‍ඟෙනහිර කර්මාන්තපුර අටක් | දිනමිණ

රුපියල් මිලියන 1000 ක වියදමින් උ/නැ‍ඟෙනහිර කර්මාන්තපුර අටක්

ජයසිරි මුණසිංහ

කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කර්මාන්තපුර අටක් අලුතින් ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 1000 ක් වෙන්කොට ඇත.

වසර 2019 අයවැය තුළින් උතුරු - නැ‍ඟෙනහිර පළාත්වල දියුණුවට මේසා විශාල මුදලක් කර්මාන්තපුර ඇරඹීමට වෙන්කිරීම අගය කරන බව බදු හා ආයෝජන ප්‍රතිපත්ති උපදේශක පී. ගුරුගේ මහතා සඳහන් කෙළේය.

කන්කසන්තුරය, නැ‍ඟෙනහිර මාන්තෙයි, පරන්තන්, කොන්ඩාච්චි, කින්නියා, සමන්තුරේ හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල මේ කර්මාන්තපුර ස්ථාපිත කරන බවත්, ඊට අවශ්‍ය මුදල් රජය ලබාදෙන බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ‍ කෙළේ 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

නව අදහස දක්වන්න