ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී | දිනමිණ

ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී

ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම සීඝ්‍රයෙන් අතහැර දමමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ භාවිත කරන්නන්ගේ පෞද්ගලික  දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගම අපොහොසත් වීමේ ප්‍රතිපලයක් වශයෙනි.

පසුගිය වසර දෙක තුලදී ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇත.

මේ අතර යුරෝපයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව ඇති බව ද සදහන්.

ඉන් බොහෝ පිරිසක් වයස අවුරුදු 12 – 34ත් වයසේ පසුවන තරුණ ප්‍රජාව වන අතරඔවුන් සිය පෞද්ගතිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව මෙම සිදුවීමෙන් අනාවරණයවේ.

නව අදහස දක්වන්න