මදුෂ්ගේ ඥාතියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | දිනමිණ

මදුෂ්ගේ ඥාතියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ මදුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.

මාකඳුරේ මදුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ නායකයින් 04 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනිණ.

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 25 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටි බවට වාර්තා විය.

නව අදහස දක්වන්න