ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරයා සෙනුර-ශූරිය ඩිල්මි | දිනමිණ

ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරයා සෙනුර-ශූරිය ඩිල්මි

නිරෝෂාන් ප්‍රියංකර

ජාතික මේස පන්දු සංගමය සංවිධාන කළ ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ ශූරයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා තේරී පත්වූ අතර ශූරිය බවට පත්වූයේ අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ ඩිල්මි කොළඹගේය.

තියුණු මුහුණුවරක් ගත් අවුරුදු 18න් පහළ බාලක කේවල අවසන් තරගයේදී මහනුවර කිංස්වුඩ් විදුහලේ චන්දුප අලහකෝන් වට 3-2කින් පරාජය කරමින් සෙනුර කනිෂ්ඨ ශූරයා වූ අතර ඩිල්මි කොළඹගේ ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වූයේ අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සඳුනි ප්‍රබුද්ධිකා වට 3-0කින් පරාජය කරමිනි.ජාතික ශූරයා බවට පත්වූ සෙනුර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීම කැපී පෙනේ. කොළඹ කාන්තා විද්‍යාලයේ ජිතාරා වර්ණකුලසූරිය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ ශූරයාවු සෙනුර සිල්වා අවුරුදු 15න් පහළ පිරිමි කේවල ඉසව්වේ අනුශූරතාව සහ අවුරුදු 18න් පහළ මිශ්‍ර යුගල අනුශූරතාවද දිනා ගත්තේය. අවුරුදු 15න් පහළ කාන්තා කේවල ඉසව්වේ ශූරිය වූ ජිතාරා වර්ණකුලසූරිය, තනුෂි රොද්‍රිගු සමග එක්ව අවුරුදු 18න් පහළ කාන්තා යුගල ශූරතාවත්, සෙනුර සිල්වා සමග එක්ව අවුරුදු 18න් පහළ මිශ්‍ර යුගල අනුශූරතාවත් දිනා ගැනීමට සමත් වූවාය.

වයස් කාණ්ඩ 4ක් යටතේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 455දෙනකු එක්ව සිටියහ.

සමස්ත තරග ප්‍රතිඵල

අවුරුදු 10න් පහළ

බාලිකා - 1.තමාදි කාවින්ද්‍යා (අම්බන්ගොඩ ශ්‍රී දේවානන්ද), 2.සඳින්ති ජයසිංහ (මියුසියස් කොළඹ), බාලක - 1.කකෙරු හෙන්නායක (ආනන්ද), 2.ෆයියුල්ලා අක්‍රම් (අල් හුදා ජා.පා.මහනුවර)

අවුරුදු 12න් පහළ

බාලිකා - 1.චමීෂා තුෂාදි (කෑගලු බාලිකා), 2.සඳුන්‍යා එෂ්මිනි (කෑගලු බාලිකා), බාලක - 1.රෙසඳු ජයසුන්දර (මහනුවර කිංස්වුඩ්), 2.ෆයියුල්ලා අක්‍රම් (අල් හුදා ජා.පා. මහනුවර)

අවුරුදු 15න් පහළ

බාලිකා - 1.ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා වි.), 2.බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් මහනුවර), බාලක - 1.චනුල් දුල්ෂෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක), 2.සෙනුර සිල්වා (කොළඹ ආනන්ද)

අවුරුදු 18න් පහළ කේවල

බාලිකා - 1.ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ධර්මශෝක), 2.සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මශෝක), බාලක - 1.සෙනුර සිල්වා (කොළඹ ආනන්ද), 2.චන්දුප අලහකෝන් (මහනුවර කිංස්වුඩ්)

අවුරුදු 18න් පහළ යුගල

බාලිකා - 1.ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා වි.)/තනුෂි රොද්‍රිගු (මහනුවර මහාමායා), 2.සඳුනි ප්‍රබුද්ධිකා/සයුරි රන්මිණි (අම්බලන්ගොඩ ධර්මාශෝක), බාලක - 1.නිමේෂ් රංචාගොඩ/තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය), 2.හේලිත හෙන්දවිතාරණ (කොළඹ රාජකීය)/දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම්)

අවුරුදු 18න් පහළ මිශ්‍ර යුගල

1.හේලිත හෙන්දවිතාරණ (කොළඹ රාජකීය)/නදිති රෙහන්සා (ප්‍රජාපති ගෝතමී බා.), 2.සෙනුර සිල්වා (ආනන්ද)/ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය)

 


නව අදහස දක්වන්න